Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉනිම 4 ක බිග් බෑෂ් තරගාවලියක්

ඉනිම 4 ක බිග් බෑෂ් තරගාවලියක්

editorial - 2020 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 
ඕස්ටේ්‍රලියාවේ ප්‍රධානතම විස්සයි-20 තරගාවලිය වන බිග් බෑෂ් ලීග් තරගාවලියට ඉනිම හතරකින් යුත් තරග හඳුන්වාදීමට බිග් බෑෂ් ලීග් ලොක්කා වන ඇලිස්ටෙයාර් ඩොබ්සන් මහතා සූදානමින් සිටී.
 
බිග් බෑෂ් ලීග් තරගාවලියේ 10 වැන්න මේ වසරේදී පැවැත්වීමට නියමිතය.
 
කොවිඞ්-19 හේතුවෙන් ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායමේ අන්තර්ජාතික තරග කාලසටහනද සෑහෙන ආකාරයේ බලපෑමකට ලක්වී ඇති බැවින් මෙවර දකුණු අර්ධගෝලීය ගිම්හානයේදී බිග් බෑෂ් තරගාවලියට විශාල වැදගත්කමක් ලබා ගැනීමට හැකිවනු ඇතැයි ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනය අපේක්‍ෂා කරයි.

වසර 2018 දී අතිරේක තරග 16 ක් එක්කරමින් බිග් බෑෂ් ලීග් තරග වාරය පුළුල් කරන ලදි. ඒ වෙනුවෙන් තරගාවලියේ සංවිධායකයෝ අතිරේකව ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක මුදලක් සිය විකාශන ගිණුමට එකතුකර ගත්හ.

‘චැනල් 10’ රූපවාහිනී සේවයේ සිටියදී බිග් බෑෂ් තරගාවලිය ඉහළම මට්ටමකට ගෙන ගිය රූපවාහිනී ක්‍රීඩා ගුරු ඬේවිඞ් බාර්හැම් මහතා ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනය වෙත ස්වාධීන වාර්තාවක් ඉදිරිපත් කර තිබිණ. එහිදී බිග් බෑෂ් තරග නැරඹීමට එන ප්‍රේක්ෂකයින්ගේ සහ රූපවාහිනී ප්‍රේක්‍ෂකයන්ගේ අඩුවීමට විවිධ පිළියම් යෝජනා කර තිබුණි.

ඕස්ටේ්‍රලියාවට ක්‍රීඩාකරන හොඳම ක්‍රීඩකයින්ගේ පැමිණීම වැඩි කිරීම, ඕස්ටේ්‍රලියානු ජාතික දිනයේදී අවසන් තරඟ පැවැත්වීම සහ පාසල් නිවාඩු කාලයේදී බිග් බෑෂ් තරග පැවැත්වීම වැනි යෝජනා එහි දක්නට තිබුණි.

ඉනිම හතරක තරග හඳුන්වා දීම මගින් සම්පූර්ණ තරගය පුරාම රසිකයන්ව උද්යෝගයෙන් තැබෙන අතර ඔවුන් වඩ වඩාත් ක්‍රීඩාව වෙත නැඹුරු කිරීමේ උත්සාහයක් ලෙස එය සැලකේ. මීට වසර 10 කට පමණ ඉහතදී ඕස්ටේ්‍රලියාවේදී පැවැති එක්දින තරගාවලියද ඉනිම 4 ක තරගාවලියක් ලෙසින් පැවැත්විණ. එහිදී ඕවර 25 ඉනිම හතරක් ලෙසින් එය ක්‍රියාත්මක විය.
“එය සිත්ගන්නා සුළු අදහසක්,” යැයි ඩොබ්සන් පැවසීය.
 
“නව්‍ය හා නිර්මාණශීලී වීම ඕස්ටේ්‍රලියානුවන් තුළ නිතැතින්ම පවතින් අතර වෙන කවරදාකටත් වඩා මේ වන විට අප සියලුම ආකාරයේ යෝජනා සඳහා විවෘතව සිටීම වැදගත්. 2019-20 ගිම්හානයේදී අපි ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳම දේ රැකගන්නවා”

“අපි එය යම් ආකාරයකින් පරික්ෂා කර බලා එය දෙස බැලීමට බලාපොරොත්තු වෙනවා, නමුත් අපි ඇතුළත හෝ පිටත කිසිවක් පාලනය කිරීමට යන්නේ නෑ” යයිද ඩොබ්සන් මහතා පැවසීය.

2010 දී ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනය සිය දේශීය එක්දින තරගාවලියේදී ඉනිම බෙදීමට යාමේදී ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය පැවැත්වූ සමීක්‍ෂණයකදී ක්‍රීඩකයින්ගෙන් 78% ක් එය ප්‍රතික්‍ෂේප කළහ. එක් තරගාවලියකින් පසුව ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනය විසින් එය අතහැර දමන ලදී. එහෙත් වසර 1971 දී එක්දින අන්තර්ජාතික තරග වල සමාරම්භකයා වූයේත්, 1977 දී පිජාමා ක්‍රිකට් හෙවත් වර්ණ ගැන්වූ ඇඳුමෙන් සැරසී සුදු පන්දුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීම ආරම්භ කළේත් ඕස්ටේ්‍රලියානුවෝම වෙති.

”නවෝත්පාදන හා නිර්මාණශීලිත්වය පිළිබඳ සංවාදය බොහෝ දුරට ඔවුන් (විකාශකයින්) විසින් මෙහෙයවනු ලබනවා” යනුවෙන් ඩොබ්සන් මහතා පැවසූ අතර ඕස්ටේ්‍රලියාවේ ඉහළම පෙළේ ක්‍රීඩකයන්ට හැකි තරම් බිග් බෑෂ් තරග ක්‍රීඩා කිරීමට කාල වේලාව සොයා ගැනීමේ අවශ්‍යතාවයක් පවතින බව ද හෙතෙම සඳහන් කළේය.

 

- 2079

 


අදහස් (0)

ඉනිම 4 ක බිග් බෑෂ් තරගාවලියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.