Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්හාම්ගෙන් ශතකයක්

ඉන්හාම්ගෙන් ශතකයක්

රොෂාන් ගුණරත්න - 2020 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘බී’ ශ්‍රේණිය යටතේ තෙවැනි සතියේ තරග අද (14 වැනිදා) ආරම්භවූ අතර එහිදි කළුතර නාගරික පිලට එරෙහිව ශතකයක් ලබාගැනීමට මහනුවර කස්ටම්ස් පිලේ අකිල් ඉන්හාම් සමත්විය.

පානදුර නාගරික ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී පන්දු 202 කට මුහුණදුන් අකිල් ඉන්හාම් හයේ පහර 2 ක් සහ හතරේ පහර 20 ක් සමගින් ලකුණු 148 ක් රැස්කරමින් මහනුවර කස්ටම්ස් පිල ලකුණු 400 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් මහනුවර කස්ටම්ස් පිල සිය පළමු ඉනිම සඳහා කඩුලු 9 ක් දැවී ලකුණු 443 ක් රැස්කරමින් ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීමට කළුතර නාගරික පිලට ආරාධනා කළේය.

දේව් සිං (79), සසිත් මනුරංග (54), සචිත්‍ර පෙරේරා (57) සහ සම්පත් පෙරේරා (නොදැවී 55) අර්ධ ශතක රැස්කරමින් පිත්තෙක් දස්කම් දැක්වූහ.

ආර්.පුංචිහේවා සහ ඉෂාන් අබේසේකර කඩුලු 3 බැගින් දවාගනිමින් කළුතර නාගරික පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

පළමු දිනට තරගය අවසන් කරනවිට කළුතර නාගරික පිල ලකුණු 6 කට කඩුල්ලක් අහිමිකරගෙන සිටියේය.


මහනුවර කස්ටම්ස් පළමු ඉනිම -  කඩුලු 9 ක් දැවී 443
(අකිල් ඉන්හාම් 148, දේව් සිං 79, සසිත් මනුරංග 54, සචිත්‍ර පෙරේරා 57, සම්පත් පෙරේරා නොදැවී 55, ආර්.පුංචිහේවා 78/3, ඉෂාන් අබේසේකර 116/3)

කළුතර නාගරික පළමු ඉනිම -  කඩුල්ලක් දැවී 6


ගාල්ල 175, පානදුර 32/3
ගාල්ල සහ පානදුර කණ්ඩායම් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
ගාල්ල පළමු ඉනිම -  සියලුදෙනා දැවී 175
(මංසූර් අම්ජාඞ් 28, දමිත හුණුකුඹුර 29, රවිෂ්ක විජේසිරි 48, උමේෂ් කරුණාරත්න 48/4, චලන ද සිල්වා 52/3, රොෂාන් ජයතිස්ස 31/2)
පානදුර පළමු ඉනිම -  කඩුලු 3 ක් දැවී 32
(අහ්මඩ් ජමාල් 08/2)


නුගේගොඩ 201/2
නුගේගොඩ සහ කුරුණෑගල යොවුන් කණ්ඩායම් අතර පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී
නුගේගොඩ පළමු ඉනිම -  කඩුලු 2 ක් දැවී 201
(ඉරෝෂ් සමරසූරිය 50, පැතුම් මදුශංක නොදැවී 84, ප්‍රමුද් හෙට්ටිවත්ත නොදැවී 61)


නාවික හමුදාව 153, සෙබස්තිනයිට්ස් 144/8
නාවික හමුදාව සහ සෙබස්තිනයිට්ස් කණ්ඩායම් අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී
නාවික හමුදා පළමු ඉනිම -  සියලුදෙනා දැවී 153
(සමිත රංග 22, තරූෂ ප්‍රනාන්දු 31, නිලංක පතිරණ 22, නවීන් ගුණවර්ධන 57/6, ශෂේන් සිල්වා 21/2, සමන් කුමාර 47/2)
සෙබස්තිනයිට්ස් පළමු ඉනිම -  කඩුලු 8 ක් දැවී 144
(එස්.ප්‍රනාන්දු 24, දසුන් සෙනෙවිරත්න 41, තිලංක ද සිල්වා නොදැවී 22, නිලංක පතිරණ 44/5)


වරාය අධිකාරිය 231/4
වරාය අධිකාරිය සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර දොඹගොඩ ක්‍රීඩාංගණයේදී
වරාය අධිකාරිය පළමු ඉනිම -  කඩුලු 4 ක් දැවී 231
(රමේෂ් නිමන්ත 62, අදීෂ නානායක්කාර 51, ඉෂාන් රංගන නොදැවී 20, හස්නෙයින් බොඛාරී නොදැවී 54, ගයාන් ද සිල්වා 46/2)

 


අදහස් (0)

ඉන්හාම්ගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.