Last Update  :  2025-09-14 23:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දීය ‘ඒ’ පිල 2-0 කින් ශ්‍රී ලංකා ‘ඒ’ පිල පරදවයි

ඉන්දීය ‘ඒ’ පිල 2-0 කින් ශ්‍රී ලංකා ‘ඒ’ පිල පරදවයි

editorial - 2019 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව හුබ්ලිදී පැවැති දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයෙන් ලකුණු 152 ක ජයක් ලැබූ ඉන්දීය ‘ඒ’ කණ්ඩායම දෙරට අතර පැවැති තරග 2 කින් සමන්විත නිල නොවන ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකණු 430 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 277 ක් පමණි. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ භානුක රාජපක්ෂ පන්දු 112 කදී ලකුණු 110 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 17 ක් සමගිනි.

තෙවැනි දිනය වූ ඊයේ (2 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 7 ක් දැවී ලකුණු 210 ක් ලබා සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට අද දිනයේදී (3 වැනිදා) සිය දෙවැනි ඉනිමට එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 67 ක් පමණි.

කමිඳු මෙන්ඩිස් හතරේ පහර 6 ක් සමග ලකුණු 46 ක්ද, විශ්ව ප්‍රනාන්දු හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 32 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

ඉන්දීය ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ රාහුල් චාහර් ලකුණු 112 කට කඩුලු 5 ක් දවාගනිමින් ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම අඩපණ කළේය. ඔහුට අනගි සහායක් දුන් ශවම් ඩූබ් ලකුණු 26 කට කඩුලු 2 ක් බිඳහෙළීය.


ඉන්දීය ‘ඒ’ පළමු ඉනිම - සියලු දෙනා දැවී 269
(ශ්‍රීකාර් භාරත් 117, අන්මෝල්ප්‍රීට් සිං 65, සිද්ධේෂ් ලැඞ් 32, රාහුල් චහර් 21, ළහිරු කුමාර 53/4, ලක්ෂාන් සඳකැන් 64/4)

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම - සියලුදෙනා දැවී 212
(භානුක රාජපක්ෂ 18, අෂාන් ප්‍රියන්ජන් 19, නිරෝෂන් දික්වැල්ල 39, ප්‍රියමාල් පෙරේරා 36, කමිඳු මෙන්ඩිස් 68, ජයන්ත් යාදව් 24/3, සංදීප් වොරියර් 32/2, ශිවම් ඩුබේ 44/2)

ඉන්දීය ‘ඒ’ දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 372
(අන්මෝල්ප්‍රීට් සිං 60, සිද්ධේෂ් ලැඞ් 58, ශ්‍රීකාර් භාරත් 60, රාහුල් චාහර් 84, ජයන්ත් යාදව් 53, විශ්ව ප්‍රනාන්දු 68/3, ලක්ෂාන් සඳකැන් 87/3)

ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 277
(භානුක රාජපක්ෂ 110, නිරෝෂන් දික්වැල්ල 18, කමිඳු මෙන්ඩිස් 46, විශ්ව ප්‍රනාන්දු 32, රාහුල් චාහර් 112/5, ශවම් ඩූබ් 26/2)


-036

 


අදහස් (0)

ඉන්දීය ‘ඒ’ පිල 2-0 කින් ශ්‍රී ලංකා ‘ඒ’ පිල පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.