Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දීය යොවුන් පිලේ 6 ක් නිරෝධායනයට

ඉන්දීය යොවුන් පිලේ 6 ක් නිරෝධායනයට

editorial - 2022 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ඉන්දීය යොවුන් කණ්ඩායමේ නායකයා සහ උප නායකයාද ඇතුළු ක්‍රීඩකයන් 6 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරීමට තරගාවලියේ සංවිධායකයෝ පියවර ගෙන ඇත.

පී.සී.ආර්. පරීක්ෂණයකදී සිද්ධාර්ත් යාදව්ට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර නායක යෂ් ධූල්, උප නායක ශෙයික් රෂීඩ් සහ ආරාධ්‍යා යාදව්ට වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයකදීය.

මානව් ප්‍රකාෂ්ට සහ වාසු වාට්ස්ට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී නැතත් ඒ හා සම්බන්ධ රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් ඔවුන් දෙදෙනාද ආසාදිතයන් සිවු දෙනා සමග තරගාවලියේ සෞඛ්‍ය කමිටුවේ අධීක්ෂණය යටතේ නිරෝධායනයට ලක්කර ඇත.

මේ හේතුවෙන් ඊයේ (19 වැනිදා) අයර්ලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව පැවැති තරගය සඳහා මෙම ක්‍රීඩකයන් ක්‍රීඩා නොකළ නමුත් ඉන්දීය කණ්ඩායම එම තරගයෙන් ලකුණු 174 ක ජයක් ලැබීය. නායකයා සහ උප නායකයා නොමැති වීම හේතුවෙන් එහිදී නිෂාන් සින්ධු විසින් ඉන්දීය යොවුන් කණ්ඩායම මෙහෙයවනු ලැබීය.

කොවිඩ් ආසාදිත ක්‍රීඩකයන් වෙනුවට වෙනත් ක්‍රීඩකයන් ආදේශ කිරීම සඳහා ඉන්දීය පාලක මණ්ඩලය මේ වන විටත් තරගාවලියේ තාක්ෂණික කමිටුවෙන් අවසර ඉල්ලා තිබේ. ඒ සඳහා අවසර ලැබුණ වහාම අතිරේක ක්‍රීඩකයන් ලෙස කණ්ඩායම සමග රඳවාගෙන සිටි ක්‍රීඩකයන් කිහිප දෙනෙක් කණ්ඩායමට ඇතුළත් කිරීමට ඉන්දීය කණ්ඩායමේ කලමණාකාරීත්වය සූදානමින් සිටියි.

ඡායාරූපය - අන්තර්ජාතික ක්‍රිකට් සභාව අනුග්‍රහයෙනි

-036

 


අදහස් (0)

ඉන්දීය යොවුන් පිලේ 6 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.