Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල දිවයිනට

ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල දිවයිනට

editorial - 2022 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන 15 දෙනෙකුගෙන් යුත් ඉන්දීය කාන්තා පිල අද (19 වැනිදා) උදෑසන දිවයිනට පැමිණියහ. එක්දින තරග 3 කට සහ විස්සයි20 තරග 3 කට ඉන්දීය කාන්තා කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

හර්මන්ප්‍රීත් කෞර් සංචාරක ඉන්දීය විස්සයි20 කණ්ඩායමේ නායිාකාව ලෙස කටයුතු කරන්නීටය. හිටපු නායිකා මිතාලී රාජ්ගේ විශ්‍රාම යෑමත් සමගින් ඉන්දීය එක්දින කණ්ඩායමේ නිත්‍ය නායකත්වයද ඇයට හිමි වූවාය. කණ්ඩායමේ උපනායිකාව ලෙස ස්මි්‍රතී මන්ධනා කටයතු කරන්නීය.

මේ මස 23, 25 සහ 27 යන දිනයන්හිදී දෙරට අතර තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය දඹුල්ලේදී ත් ලබන ජූලි මස 1, 4 සහ 7 යන දිනයන්හිදී තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය මහනුවර පල්ලේකැලේදී ත් පැවැත්වේ.


විස්සයි20 සංචිතය
හර්මන්ප්‍රීට් කෞර් (නායිකාව), ස්මි්‍රතී මන්ධනා (උපනායිකාව), ශෆාලී වෙර්මා, යස්තිකා භාතියා, එස්.මේඝ්නා, දීප්ති ෂර්මා, පූනම් යාදව්, රාජේෂ්වරී ගයක්වාඩ්, සිම්රන් බහදූර්, රීචා ඝෝෂ්, පූජා යස්ත්‍රකාර්, මේඝ්නා සිං, රේනුකා සිං, ජෙමීමා රොද්‍රීගූස්, රාධා යාදව්

එක්දින සංචිතය
හර්මන්ප්‍රීට් කෞර් (නායිකාව), ස්මි්‍රතී මන්ධනා (උපනායිකාව), ශෆාලී වෙර්මා, යස්තිකා භාතියා, එස්.මේඝ්නා, දීප්ති ෂර්මා, පූනම් යාදව්, රාජේෂ්වරී ගයක්වාඩ්, සිම්රන් බහදූර්, රීචා ඝෝෂ්, පූජා යස්ත්‍රකාර්, මේඝ්නා සිං, රේනුකා සිං, ටානියා භාතියා සහ හර්ලීන් ඩියෝල්

තරග කාලසටහන
ජුනි 23 වැනිදා - පළමු විස්සයි20 තරගය, දඹුල්ලේදී
ජුනි 25 වැනිදා - දෙවැනි විස්සයි20 තරගය, දඹුල්ලේදී
ජුනි 27 වැනිදා - තෙවැනි විස්සයි20 තරගය, දඹුල්ලේදී

ජූලි 1 වැනිදා - පළමු එක්දින තරගය, පල්ලේකැලේදී
ජූලි 4 වැනිදා - දෙවැනි එක්දින තරගය, පල්ලේකැලේදී
ජූලි 7 වැනිදා - තෙවැනි එක්දින තරගය, පල්ලේකැලේදී

 


අදහස් (0)

ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල දිවයිනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.