Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාවේදී වි20 තරග 3 ක්

ඉන්දියාවේදී වි20 තරග 3 ක්

editorial - 2019 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන වසර මුලදී තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ආරාධනාවක් ලැබී ඇත. මෙම විස්සයි20 තරගාවලිය 2020 ජනවාරී මාසයේදී පැවැත්වීමට නියමිත බව ඉන්දීය ක්‍රිකට් ආයතනය අද (25 වැනිදා) ප්‍රකාශයට පත් කළේය.

එම කාළය තුලදී සිම්බාබ්වේ කණ්ඩායම සමගින් තරගාවලියක් පැවැත්වීමට ඉන්දියාව සැලසුම් කර තිබුනද ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් ඔවුන්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තහනම් කිරීම හේතුවෙන් එම තරගාවලිය පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගත වී තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු විස්සයි20 තරගය ජනවාරී 5 වැනිදා ගුවහාටිහිදී පැවැත්වෙන අතර දෙවැනි  තරගය ජනවාරී 7 වැනිදා ඉන්දෝර්හිදී පැවැත්වේ. තෙවැනි සහ අවසන් තරගය ජනවාරී 10 වැනිදා පුනේහිදී පැවැත්වීමට නියමිතය.

...


අදහස් (0)

ඉන්දියාවේදී වි20 තරග 3 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.