Last Update  :  2025-08-06 17:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාවේ ‘සී’ කණ්ඩායමත් ශ්‍රී ලංකාව පරදවාවි

ඉන්දියාවේ ‘සී’ කණ්ඩායමත් ශ්‍රී ලංකාව පරදවාවි

editorial - 2021 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

 

ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාව කෙතරම් හොඳින් දියුණුවට පත්වී තිබේදයත්, ඔවුන්ට එකවර ජාත්‍යන්තර කණ්ඩායම් තුනක් ඉදිරිපත් කළ හැකි අතර, ඒ සෑම කණ්ඩායමක්ම පරාජය කිරීම ප්‍රතිවාදීන්ට අසීරු වනු ඇති බව පාකිස්තානයේ හිටපු කඩුලු රකින්නා වන කම්රන් අක්මාල් පවසයි. එම කණ්ඩායම් වලට නායකත්වය දීමට සිටින ක්‍රීඩකයන් ගැන අක්මාල් පුදුම නොවන අතර එළඹෙන ශ්‍රී ලංකා සංචාරයේදී ඉන්දියාවෙන් තුන්වැනි පෙළේ (‘සී‘ කණ්ඩායමක්) යැවූවද ශ්‍රී ලංකාවට ජයගත නොහැකි බව අක්මාල්ගේ අදහසයි.

ඩකා නුවරදී බංග්ලාදේශයට එරෙහිව පැවැති එක්දින තරගාවලිය 1-2 කින් පරාජයට පත් වූ ලාංකිකයින්ගේ තත්වය පිළිබඳව අක්මාල් විසින් ඉස්මතුකර දක්වයි.

ඉන්දීය ටෙස්ට් කණ්ඩායම ජුනි සිට අගෝස්තු දක්වා එංගලන්තයේදී ටෙස්ට් තරග 6 කට ක්‍රීඩා කරන අතර තවත් කණ්ඩායමක් ජූලි මාසයේදී එක්දින තරග 3 ක් සහ විස්සයි 20 තරග 3 ක් සඳහා ශ්‍රී ලංකාවට යාමට නියමිතව ඇත. මෙම තත්ත්වය ඉන්දීය ක්‍රීඩකයන්ගේ ගුණාත්මකභාවය මෙන්ම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ ගැඹුර පිළිබිඹු කරන්නකි.

ඉන්දියාව බිම් මට්ටමේ සිට ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම නිසා මෙම තත්වයට පැමිණ ඇති බව අක්මාල් පැහැදිලි කරයි. ඒ සඳහා හිටපු නායක රාහුල් ද්‍රාවිඩ් විසින් තරුණ හා දක්ෂ ක්‍රීඩකයින් රැසකගේ වෘත්තිය ජීවිතය හැඩගැස්වීමේ කාර්යභාරය නිසිලෙස ඉටුකිරිම ගැන අක්මල් ප්‍රශංසා කළේය.

”රාහුල් ද්‍රාවිඩ් අවුරුදු හතක් අටක් තිස්සේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ වැඩ කරනවා. මේ වනවිට ඔහු ඉන්දීය ක්‍රිකට් ක්‍රිඩාව රැගෙන ගොස් ඇත්තේ කොහේටද කියලා බලන්න..... ද්‍රාවිඩ් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවට බිම් මට්ටමේ සිට ක්‍රීඩකයින් සූදානම් කර තියෙනවා. ඉන්පසුව ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා විදියට රවී ශාස්ත්‍රි ඔවුන්ට මඟ පෙන්වලා තියෙනවා” යයිද කම්රන් අක්මල් කියයි.

“නායකයන් වශයෙන්, පළමුව මහේන්ද්‍ර සිං දෝනිත් දැන් විරාත් කෝලිත් කණ්ඩායම ඉතා දක්ෂ ලෙස ඉදිරියට රැගෙන ගොස් තියෙනවා. මේ අතර, කෝලි විවේක ගත්තොත් රෝහිත් ෂර්මා එම තනතුරට පත්වෙනවා.  ඔවුන්ට නායකත්වය සඳහා ඇති විකල්පයන් එයාකාරයි.....

“රෝහිත් තුවාල ලැබුවහොත් ඔවුන්ට ලෝකේෂ් රාහුල් සිටිනවා. දස්කම් අතර සිටින ක්‍රීඩකයන් නොමැති වුවද එය ඔවුන්ට බලපාන්නේ නෑ” යයි අක්මාල් වැඩිදුරටත් පැවසීය.

 - 2079


අදහස් (4)

ඉන්දියාවේ ‘සී’ කණ්ඩායමත් ශ්‍රී ලංකාව පරදවාවි
  • අමිල Sunday, 30 May 2021 12:40 PM

    සල්ලි වලට කැච් අතහරින කෙනෙක් ඕකා... කම්රන් අක්මාල්...

    Reply 0       0

    Sumeda Sunday, 30 May 2021 02:27 PM

    ඉස්සර ඉන්දියාවට ජයසූරියලාගේ කාලේ එළව එළවා ගහලා බෝලස්ලාව ගෙදර යවද්දී උඹලා කිරි බොනවා..

    Reply 0       0

    යසස් Sunday, 30 May 2021 03:25 PM

    අපේ බෝන් අගේන් කණ්ඩායමට ගහන්න ඔය කාටවත් බෑ. ඔය අක්මාල් ඉරිසියාවට කියන ඒවා. ගණන් ගන්න එපා.

    Reply 0       0

    අනේ පව් Sunday, 30 May 2021 04:38 PM

    සහතික ඇත්ත කියලා තියෙන්නේ.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.