Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාව 2-1 කින් පෙරමුණ ගනී

ඉන්දියාව 2-1 කින් පෙරමුණ ගනී

editorial - 2024 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාව සහ එංගලන්තය අතර රාජ්කොට්හි සෞරාෂ්ඨ ක්‍රිකට් විද්‍යායතන ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 434 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව ඊයේ (18 වැනිදා) සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඉන්දියාවට හැකි විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 557 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට රවින්ද්‍ර ජදේජා ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 122 ක් පමණි. එංගලන්ත දෙවැනි ඉනිම අඩපණ කළ ජදේජා ලකුණු 41 කට කඩුලු 5 ක් බිඳහෙළුවේය. 

තෙවැනි දිනය වූ පෙරේදා (17 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 196 ක් ලබා සිටි ඉන්දීය ක්‍රීඩකයෝ, ඊයේ දිනයේදී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 238 ක් එක්කර ගත්හ. එහිදී සිය දෙවැනි ටෙස්ට් ද්විත්ව ශතකය ලබාගත් යෂස්වි ජයිස්වාල් හයේ පහර 12 ක් සහ හතරේ පහර 14 ක් සමග නොදැවී ලකුණු 214 ක් රැස්කළේය. 


ඉන්දීය පළමු ඉනිම - සියලු දෙනා දැවී 445
(රෝහිත් ශර්මා 131, රවින්ද්‍ර ජදේජා 112, සර්ෆරාස් ඛාන් 62, ධෘව් ජුයෙල් 46, රවිචන්ද්‍රන් අෂ්වින් 37, ජස්ප්‍රීට් බුම්රා 26, මාක් වුඞ් 114/4, රෙහාන් අහමඞ් 85/2)

එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 319 
(බෙන් ඩුකට් 153, ඔලී පෝප් 39, ජෝ රූට් 18, බෙන් ස්ටොක්ස් 41, මොහොමඞ් සිරාජ් 84/4, රවින්ද්‍ර ජදේජා 51/2, කුල්දීප් යාදව් 77/2) 

ඉන්දීය දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 430 
(යසස්වි ජයිස්වාල් නොදැවී 214, රෝහිත් ශර්මා 19, ශුබ්මන් ගිල් 91, කුල්දීප් යාදව් 27, සර්ෆරාස් ඛාන් නොදැවී 68)

එංගලන්ත දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 122 
(බෙන් ෆෝක්ස් 16, ටොම් හාට්ලි 16, මාක් වුඞ් 33, රවින්ද්‍ර ජදේජා 41/5, කුල්දීප් යාදව් 19/2) 

-036  


අදහස් (0)

ඉන්දියාව 2-1 කින් පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.