Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියානු යොවුන් පිල ලකුණු 170 ක් ඉදිරියෙන්

ඉන්දියානු යොවුන් පිල ලකුණු 170 ක් ඉදිරියෙන්

දිලිනි මල්රුක්ෂි - 2013 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින ඉන්දීය වයස 19න් පහළ පිල සහ ශ්‍රී ලංකා වයස 19න් පහළ පිල අතර කුරුණෑගල වෙළගෙදර කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි යොවුන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (30 වැනිදා) තරගය නතර කරන විට ශ්‍රී ලංකා යොවුන් පිල දෙවැනි ඉනිම ස`දහා  ඕවර 6කදී ළකුණු 11 ක් රැස් කර සිටියේය.

ඉන්දියානු පිල පළමු ඉනිම සදහා කඩුලූ 8ක් දැවී ලකුණු 393 ක් ලබා ගැනීමට සමත් වූ අතර පළමු ඉනිමේදී ලකුණු 181 ක වාසියක් ලබාගත්තෙන්, අද දිනයේ තරගය නතර කරන විට ඉන්දීය යොවුන් පිල ලකුණු 170 ක් ඉදිරියෙන් සිටියේය.

ඉන්දීය පිල වෙනුවෙන් විජේ සෝල් හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 128 ක් රැස් කළේය. ශ්‍රෙයාස් අයියර් හතරේ පහර 11ක් සමගින් ලකුණු 84ක්ද, අමීර් ගානී ලකුණු 41ක්ද රැුස් කිරීමට සමත් වූහ. ශ්‍රී ලංකා පිලේ පි‍්‍රයමාල් පෙරේරා ලකුණු 24 කට කඩුලූ 2ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පළමු ඉනිම සියලූ දෙනා දැවී ලකුණු 212
(කවිඳු කුලසේකර 84, කුසල් මෙන්ඩිස් 34, පි‍්‍රයාමාල් පෙරේරා 36, කුල්දීප් යාදේව් 38/6, අටුල් සිං 45/2)

ඉන්දීය වයස 19 න් පහළ පළමු ඉනිම කඩුලූ 8 ක් දැවී ලකුණු 393
(විජේ සෝල් 128, ශ්‍රෙයාස් අයියර් 84, අමීර් ගානී 41, පි‍්‍රයමාල් පෙරේරා 24/2)


අදහස් (0)

ඉන්දියානු යොවුන් පිල ලකුණු 170 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.