
ඇෆ්ගනිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරුවකු වන නජීබ් තරකායි මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇෆ්ඝනිස්ථානයේ ජලාලාබාද්හිදී වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක ගැටී නජීබ් තරකායි තුවාල ලැබීය. මියයන විට ඔහු 29 හැවිරිදි වියේ පසුවිය.
අනතුර සිදුවී ඇත්තේ පසුගිය සිකුරාදාය. එහෙත් රෝහල්ගත කිරීමෙන් පසුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි නජීබ් අද (6 වැනිදා) මෙලොව හැර ගියේය. නජීබ් තාරකායි 2017 සිට ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් විස්සයි-20 අන්තර්ජාතික තරග 12 කට සහ එක්දින අන්තර්ජාතික තරගයකට ක්‍රීඩා කර ඇත.
ඔහු ප්‍රතිකාර ලබමින් සිටි ඇෆ්ඝනිස්ථානයේ නන්ගර්හාර් රෝහලේ සිට කාබූල් හෝ ඇෆ්ඝනිස්තානයෙන් පිටත වෙනත් රෝහලකට නජීබ් රැගෙන යාමට ඇෆ්ඝනිස්තානු ක්‍රිකට් බලධාරීන් සාකච්ඡා කරමින් සිටි අතරවාරයේදී නජීබ් මෙලොව හැර ගියේය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.