Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද (25 වැනිදා) පස්වරු 2.30 ආරම්භ වීමට නියමිතව තිබුණද, ඊයේ (24 වැනිදා) පස්වරු 6.00 වන තෙක්ම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී නොතිබිණ.
අනුමැතිය ලැබෙන තුරු අවසන් මොහොත දක්වාම මාධ්‍ය වෙත නිල වශයෙන් නිවේදනය නොකර රඳවාගෙන සිටි ශ්‍රී ලංකා සංචිතය, ඊයේ පස්වරු 5.00 ට පමණ නිවේදනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.
තමාට එක්දින තරගවලින් කෙටි විවේකයක් අවශ්‍ය බවට භානුක රාජපක්ෂ කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් ඔහු මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇතැයිද එම නිවේදනයේ සඳහන් වේ.
දසුන් ශානකයේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයේ පිතිකරුවන් ලෙස පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දිනේෂ් චන්දිමාල් සහ අෂේන් බණ්ඩාර කටයුතු කරති. වනිඳු හසරංග, ධනංජය ලක්ෂාන් සහ දුනිත් වෙල්ලාලගේ තුන් ඉරියව් ක්‍රීඩකයෝ ලෙස සංචිතයට ඇතුළත්ව සිටිති.
කසුන් රාජිත, ප්‍රමෝද් මධුෂාන්, අසිත ප්‍රනාන්දු සහ ළහිරු කුමාර ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින වේග පන්දු යවන්නන් වන අතර සංචිතයට ඇතුළත්ව සිටින විශේෂඥ දඟ පන්දු යවන්නා වන්නේ මහීෂ් තීක්ෂණය.
අවසන් වරට ඕස්ෙට්‍ර්ලියාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි ධනුෂ්ක ගුණතිලක, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, නිරෝෂන් දික්වැල්ල, ප්‍රවීන් ජයවික්‍රම, ළහිරු මධුෂංක, රමේෂ් මෙන්ඩිස්, නුවන් තුෂාර සහ ජෙෆ්රි වැන්ඩසේ යන ක්‍රීඩකයන්ට විවිධ හේතු මත මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයේ ස්ථාන අහිමිවී ඇත.
ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර මේ දක්වා එක්දින තරග 4 ක් පැවැත්වී ඇති අතර ඉන් තරග 3 කදීම ඇෆ්ඝනිස්තානය පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත. ශ්‍රී ලංකාව පරාජය කිරීමට ඇෆ්ඝනිස්ථානය සමත්ව ඇත්තේ එක් තරගයකදී පමණි. 2019 වසරේ ජූනි මාසයේදී දෙරට අතර පැවැති අවසන් එක්දින තරගය ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.