ඇන්ඩසන් - බ්‍රෝඩ් අළු බඳුන දෙස බලති
මෑත කාලයේදී එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ටතම වේග පන්දු යවන්නන් දෙදෙනකු වන ජේම්ස් ඇන්ඩර්සන් සහ ස්ටුවර්ට් බ්‍රෝඞ් විශ්‍රාම යාමට පෙර 2021-22 තරග වාරයේදී ඕස්ටේ්‍රලියාවේදී පැවැත්වෙන අළු බඳුන තරගාවලිය දෙස බලා සිටිති.
එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වන ඇන්ඩර්සන් (ටෙස්ට් කඩුලු 584 යි) ජූලි මාසයේදී 38 වැනි වියට පා තබන අතර, එම ලැයිස්තුවේ දෙවැනියාව සිටින ස්ටුවර්ට් බ්‍රෝඞ් (ටෙස්ට් කඩුලු 485 යි) ඇන්ඩර්සන්ට වඩා අවුරුදු හතරක් බාල ක්‍රීඩකයෙකි. එහෙත් තම ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නාගේ වයසට එන තුරු වෘත්තීය ජීවිතය පවත්වාගෙන යනු ඇතැයි බ්‍රෝඞ් අපේක්ෂා නොකරයි.
“මා හිතන්නේ නෑ, ඔබේ වයස තෙක් මට ක්‍රීඩා කරන්න පුළුවන් කියලා” යැයි ඉන්ස්ටග්‍රෑම් සජීවී කතාබහකදී බ්‍රෝඞ් ඇන්ඩර්සන්ට පවසා තිබේ.
”ඔබේ පන්දු යැවීමේ ඉරියව්ව ඉතා සුමටයි. එය ඔබේ ශරීරය කෙරෙහි දක්වන බලපෑම අඩුයි. ඒත් මගේ පන්දු යැවීමේ ඉරියව්ව නිසා ශරීරයට දැනෙන වෙහෙස තරමක් වැඩියි.... කොහොම වුණත් මෙම මේ තියෙන විදිහට කැමතියි. මම එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට කැමතියි” යයිද බ්‍රෝඞ් පවසා තිබේ.
ස්ටුවර්ට් බ්‍රෝඞ් යනු වත්මන් තරග තීරක ලයිස්තුවේ ජ්‍යෙෂ්ඨතම තීරකවරයකු වන ක්‍රිස් බ්‍රෝඞ් මහතාගේ පුතණුවන්ය. ක්‍රිස් බ්‍රෝඞ් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් ඉනිම 44 ක් ක්‍රීඩා කළ කීර්තිමත් ආරම්භක පිතිකරුවෙකි.
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක තරගාවලිය වූ 2007 තරගාවලියේදී කුසලානය දිනාගත්තේ ඉන්දියාවයි. එම තරගාවලියේ ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැති තරගයේදී ප්‍රහාරයට ලක්වූ ස්ටුවර්ට් බ්‍රෝඞ්ගේ ඕවරයකදී පන්දු 6 ම පිට පිට හයේ පහර 6 ක් ගැසීමට ඉන්දීය පිතිකරු යුවරාජ් සිං සමත්විය. මෙම තරගාවලියට ගොස් සිටි ක්‍රිස් බ්‍රෝඞ් තරගයෙන් පසුව යුවරාජ් සිං වෙත ගියේය.
“යුවරාජ්... ඔයා මගේ පුතාගේ ක්‍රිකට් අනාගතය සම්පූර්ණයෙන්ම වාගේ විනාශ කළා.... දැන් ඉතින් සිහිවටනයක් හැටියට තියාගන්න ජර්සියක් වත් අත්සන් කරලා දෙන්න” යයි කීවේය.
තමන් කිසිම පැකිලීමකින් තොරව ඉන්දීය කණ්ඩායමේ කමිසයක් අත්සන් කර දුන් බව යුවාරාජ් සිං මීට සති දෙකකට පමණ ඉහතදී හින්දුස්තාන් ටයිම්ස් පුවත් පතට කියා තිබිණ.
ශාරිරික යෝග්‍යතාව සහ දක්ෂතාවය නියමිත මට්ටමක තබාගත හැකි නම් අළු බඳුන නැවත ලබා ගැනීමේ එංගලන්ත උත්සාහයට එක්විය හැකිබව ඇන්ඩර්සන්ගේ හැඟීමයි.
“ලොකුම දෙය නම් තමන්ගේ දස්කම් නියමිත මට්ටමක තබා ගැනීමයි. දස්කම් පහත වැටෙන බවක් හැඟෙනවා නම් තරග දිවිය අවසන් කිරීම ගැන සලකා බැලිය යුතුයි” යැයි ද ඇන්ඩර්සන් පැවසීය.
- 2079