වෙළද සේවා ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී හැටන් නැෂනල් බැංකු පිල පරදවා කඩුලූ 4 කින් ජයගැනීමට මාස් ඇක්ටිව් පිල අද (27 වැනිදා) සමත්විය. මෙම තරගය එන්.සී.සී ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මාස් ඇක්ටිව් කණ්ඩායම කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට හැටන් නැෂනල් බැංකු කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 47 කදී සියලූ දෙනා දැවී ලකුණු 166 ක් රැස් කිරීමට හැටන් නැෂනල් බැංකුව සමත් විය. මාධව වර්ණපුර (56) අර්ධ ශතකයක් ලබා ගත්තේය.
ඇන්ජලෝ පෙරේරා ලකුණු 24 කට කඩුලු 5 ක් ලබා ගනිමින් පන්දුවෙන් දස්කම් දක්වන්නට සමත්විය.
ලකුණු 167 ක ඉලක්කයක් හඹා ගිය සම්පත් බැංකු කණ්ඩායම ඕවර 37.2 කදී කඩුලූ 6 ක් පමණක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය. ඇන්ජලෝ පෙරේරා නොදැවී ලකුණු 55 ක් ලබා ගනිමින් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වු අතර කිත්රුවන් විතානගේ ලකුණු 48 ක් ලබා ගනිමින් තරගය ජයග‍්‍රහණය කරා මෙහෙයවීය.
හැටන් නැෂනල් බැංකුව ඕවර 47 කදී සියලු දෙනා දැවී 166
(මාධව වර්ණපුර 56, අශේන් ප‍්‍රනාන්දු 32, ඇන්ජලෝ පෙරේරා 24/5, සචිත‍්‍ර සේනානායක 31/2)
මාස් ඇක්ටිව් ඕවර 37.2 කදී කඩුලූ 6 ක් දැවී 167
(ඇන්ජලෝ පෙරේරා නොදැවී 55, කිත්රුවන් විතානගේ 48)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.