Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇතුගල්පුර සටන ජය පැරදුමෙන් තොරයි

ඇතුගල්පුර සටන ජය පැරදුමෙන් තොරයි

සංජය එරමුදුගොඩ - 2017 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මලියදේව සහ ශාන්ත ආනා විදුහල් අතර පැවැති 34 වැනි ඇතුගල්පුර සටන මහ ක්‍රිකට් තරගය අද ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. අද පස්වරුවේ මලියදේව විදුහල් පළමු ඉනිම ලකුණු 224 කට සීමා කළ ශාන්ත ආනා විදුහල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 53කි.

අද දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි මලියදේව විදුහල් පිල කඩුලු 7 ක් දැවී ලකුණු 134 ක් ලබා සිටි අතර දිවා ආහාරයෙන් පසුව මලියදේව විදුහලේ පිතිකරුවන් දැඩි පීඩනයකට හසු කළ ශාන්ත ආනා විදුහලේ පුබුදු ගනේගම කඩුලු 5 ක් දවාලීම කැපී පෙනුණි.

කෙසේවෙතත් මලියදේව විදුහලේ පළමු ඉනිම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට ඇදගෙන ගිය දමිත් සිල්වා ලකුණු 85 ක් රැස් කිරීමට සමත් විය.

කාසියේ වාසිය දිනූ මලියදේව විදුහල් පිලේ නායක දමිත පෙරේරා පළමුව පන්දුවට පහරදීමේ වාරය තම පිලට පිරිනැමීමෙන් ලද වාසිය කදිමට පාවිච්චි කළ ශාන්තා ආනා විදුහල ඊයේ මලියදේව විදුහල් පිල එහෙම පිටින්ම තලා දමා කඩුලු 7 කට ලකුණු 307 ක්ම රැස් කිරීමට සමත් වූහ.

 

සාන්ත ආනා විදුහල පළමු ඉනිම - 307/7
(පුබුදු ගනේගම 34, රන්ධීර රණසිංහ 98, තරින්ද විජේසිංහ නොදැවී 56, කවිඳු රණසිංහ 56, විමුක්ති බණ්ඩාර 27, දමිත් සිල්වා 2/68)

මලියදේව විදුහල පළමු ඉනිම - 224
(බ්‍රයන් චන්ද්‍රසේන 30, දමිත් සිල්වා 85, මුදිත ප්‍රේමදාස 20, කවිඳු රණසිංහ 47/2, පුබුදු ගනේගම 5/68, පියුමාල් සිංහවංශ 2/54)

ශාන්ත ආනා විදුහල දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 53

 

- 077


අදහස් (0)

ඇතුගල්පුර සටන ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.