Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇඟිල්ලේ ආබාධයෙන් මෙහෙදි ඉවතට
ශ්‍රී ලංකා පිලේ බංග්ලාදේශ සංචාරය

ඇඟිල්ලේ ආබාධයෙන් මෙහෙදි ඉවතට

editorial - 2022 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට නම් කළ බංග්ලාදේශ දඟ පන්දු යවන ක්‍රීඩක මෙහෙදි හසන් ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් සංචිතයෙන් ඉවත් කර ඇත. ටෙස්ට් සංචිතය ප්‍රකාශයට පත් කළ දිනම (24 වැනිදා) පැවැති ඩකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තරගයකදී මෙහිදි හසන් මෙම ආබාධයට ලක්ව තිබේ.

මේ වන විට ටෙස්ට් තරග 33කදී කඩුලු 128ක් දවාගෙන ඇති මෙම දඟපන්දු යවන්නා පිත්තෙන් ද ලකුණු 1072ක් ලබාගෙන ඇත. 24 හැවිරිදි මෙහෙදි හසන් ශතකයක් සහ අර්ධ ශතක තුනක් ලබා ගෙන ඇති අතර ඊට අමතරව කඩුලු 5 බැගින් අවස්ථා 8 කදී දවාගෙන ඇත. 2016 වසරේදී බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගත් ඔහු මේ දක්වා කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකි.

”ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ආරම්භක ටෙස්ට් තරගයෙන් ඔහුව (මෙහෙදි) ඉවත් කරන්න සිදුවුනා. දෙවන ටෙස්ට් තරගය සඳහා ද ඔහුගේ සහභාගීත්වය සැක සහිතයි,” ජාතික තේරීම් කමිටුවේ සාමාජික හබිබුල් බෂාර් මහතා පැවසීය.

වාර්තාවන්ට අනුව දෙවැනි ටෙස්ට් තරගය සඳහා මෙහෙදි හසන්ට ක්‍රීඩා කිරීමට ඇත්තේ ඉතා සුළු අවස්ථාවක් වන අතර ඔහු වෙනුවට නයීම් හසන් සංචිතයට නම් කර ඇත. නයීම් බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් තරග හතකට ක්‍රීඩා කර කඩුලු 25ක් දවාගෙන ඇත. එහිදී කඩුලු දවාගැනීමේ සාමාන්‍ය 26.2ක් ලෙස රඳවා ගැනීමට ඔහු සමත්විය. 

සත්කාරක බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගය මැයි 15 වනදා චැටෝග්‍රම් හි සහුර් අහමඞ් චෞද්‍රි ක්‍රීඩාංගනයේ ආරම්භ වේ. දෙවන ටෙස්ට් තරඟය ඩකා හි ෂර් බංගලා ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී මැයි 23 වැනිදා ආරම්භ වේ. 

පළමු ටෙස්ට් තරගය සඳහා බංග්ලාදේශ සංචිතය: 
මොමිනුල් හක් (නායක), ටමීම් ඉක්බාල්, මහමුදුල් හසන් ජෝයි, නජ්මුල් හොසේන් ෂැන්ටෝ, මුෂ්ෆිකර් රහීම්, ෂකීබ් අල් හසන්, ලිටන් දාස්, යසීර් අලි, තයිජුල් ඉස්ලාම්, නයිම් හසන්, එබඩට් හුසේන්, ඛලීඞ් අහ්මද්, නුරුල් හසන්, රෙජවූර් රහ්මන් රාජා, ශොහිදුල් ඉස්ලාම්, ෂොරිෆුල් ඉස්ලාම් (ශාරීරක යෝග්‍යතාවයට යටත්ව)

- 2079


අදහස් (0)

ඇඟිල්ලේ ආබාධයෙන් මෙහෙදි ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.