Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මේ වසරේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලිය සැප්තැම්බර් 9 වැනිදා සිට 28 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන බව ආසියානු ක්‍රිකට් සම්මේලනය පෙරේදා (26) නිවේදනය කළේය. මෙවර විස්සයි-20 ආකෘතියෙන් පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාව සහ පාකිස්තානය ඇතුළු කණ්ඩායම් අටක් සහභාගී වීමට නියමිතය.
“2025 ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වෙන දින තහවුරු කිරීමට ලැබීම ගැන මා බෙහෙවින් සතුටු වෙනවා... මෙම කීර්තිමත් තරඟාවලිය සැප්තැම්බර් 9 සිට 28 දක්වා පැවැත්වෙනු ඇති”'යයි ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සභාපති මොහ්සින් නක්වි මහතා අන්තර්ජාතික මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේය.
“අපි ක්‍රිකට් ක්‍රීඩාවේ අලංකාර සංදර්ශනයක් බලාපොරොත්තු වෙනවා. සවිස්තරාත්මක තරග කාලසටහන ඉක්මනින් නිකුත් කෙරෙනු ඇති” යයි ද ආසියානු ක්‍රිකට් සම්මේලන සභාපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.
තරගාවලියට කණ්ඩායම් අටක් සහභාගී වන අතර සම්පූර්ණ තරග සංඛ්‍යාව 19 කි. ඉන්දියාව, ශ්‍රී ලංකාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, හොංකොං, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය මෙවර තරගාවලියේදී ක්‍රීඩා කරනු ඇත.
තරගාවලිය කාණ්ඩ දෙකකින් යුතුව පැවැත්වෙන අතර ඉන්දියාව සහ පකිස්ථානය එකම කාණ්ඩයේ සිටීමට බොහෝ දුරට ඉඩ තිබේ. එහි අරමුණ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරග 3 ක් පැවැත්වීමේ අවස්ථාවක් නිර්මාණය කිරීමයි. පළමුව ලීග් අදියරේදීත්, අනතුරුව සුපිරි 4 දෙනාගේ වටයේදී සහ පසුව අවසන් තරඟයේදී ඉන්දියාව සහ පාකිස්තානය මුණගැස්වීම තරග සංවිධායකයන්ගේ සැලසුමයි.
ලබන වසරේදී ඉන්දියාවේදී සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා මෙවර ආසියානු කුසලාන තරගාවලිය පෙරහුරුවක් වන බැවින් එය විස්සයි-20 ආකෘතියෙන් පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.