Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආනන්දයට කඩුලු 5 ක විශිෂ්ට ජයක්
47 වැනි වාර්ෂික එක්දින තරගය

ආනන්දයට කඩුලු 5 ක විශිෂ්ට ජයක්

editorial - 2024 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ආරම්භයේ සිටම ඕවරයකදී ලකුණු 5.00 ට ආසන්න වේගයක් පවත්වාගෙන ගිය ආනන්ද පිතිකරුවෝ කොළඹ එස්.එස්.සී. පිටියේදී අද (17 වැනිදා) පැවැති 47 වැනි වාර්ෂික එක්දින තරගයේදී කඩුලු 5 ක විශිෂ්ට ජයක් අත්කර ගත්හ. නාලන්දා කණ්ඩායම ඕවර 50 කින් ලබාගත් ලකුණු 228 පසුකර යාමට ආනන්දීයයන්ට අවශ්‍ය වූයේ ඕවර 43.1 කි. 

ලකුණු 229 ක ඉලක්කයක් කරා යාමට පිවිසි ආනන්ද කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 41 දී බිඳ වැටුණ නමුත් ඒ වන විටත් යැවී තිබුණේ ඕවර 8 කි. ලකුණු වේගය පහත වැටීමට නොදුන් දිනාද අතලගේ පන්දු 84 කින් ලකුණු 70 ක් ලබාගත්තේ හතරේ පහර 7 ක් සහ හයේ පහර දෙකක් තම ඉනිමට ඇතුළත් කරමිනි. 

මැද පෙළ සගයන්ගේ සහයෝගය මැනවින් ලබාගත් දකුණත් පිතිකරුවා, කාංචන ද ලිවේරා (55) සමගින් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 55 ක සම්බන්ධතාවක් ද ඉරුත් ගිම්ෂාන් (42) සමගින් එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75 ක සම්බන්ධතාවක් ද ගොඩනඟමින් ආනන්ද කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය. 

නාලන්දාව වෙනුවෙන් ආරම්භක පිතිකරු සදෙව් සමරසිංහ අර්ධ ශතකයක් ලබාගත් නමුත් සෙසු මැද පෙළ පිතිකරුවන් ස්ථාවර නොවීම හේතුවෙන් ලකුණු 228 කින් නතර වීමට කැම්බල් පෙදෙසේ සිසුන්ට සිදුවිය. 


නාලන්දා විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 8 ට 228 යි
(සහන් ලිත්මිණ 46, සදෙව් සමරසිංහ 54, මනූප මන්මිත 12, සජිත විතානගේ 23, ඔසඳ පමුදිත 13, සත්මිණ සේරසිංහ 18, හසිත් රත්නායක 11, තාරුක සූරියරච්චි නොදැවී 17, මිනෝද් කල්දේරා නොදැවී 19, අශිංස නයිනායක 56/2, අයේෂ් ශෂිමාල් 39/2, කෙනුල් ද සොයිසා 28/2)

ආනන්ද විද්‍යාලය - ඕවර 43.1 කදී කඩුලු 5 ක් දැවී 229
(කාංචන ද ලිවේරා 55, දිනාද අතලගේ නොදැවී 70, ඉරුත් ගිම්ෂාන් 42, කිත්ම විදානපතිරණ 10, අයේෂ් ශෂිමාල් 14, කෙනුල් ද සොයිසා නොදැවී 10)

කාංචන ද ලිවේරා...

 

දිනාද අතලගේ ...

 

(ඡායාරූප - කුෂාන් පතිරාජ)


අදහස් (0)

ආනන්දයට කඩුලු 5 ක විශිෂ්ට ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.