Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආනන්ද විදුහලට කඩුලූ 7 ක ජයක්

ආනන්ද විදුහලට කඩුලූ 7 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ I වැනි කාණ්ඩයේ දෙවැනි වටයේ කොළඹ ආනන්ද විදුහල සහ කොළඹ සහිරා විදුහල අතර පැවැති තරගයෙන් කඩුලූ 7 ක ජයක් අත්කර ගැනීමට ආනන්ද විදුහල සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 123 ක පහසු ඉලක්කයක් හඹාගිය ආනන්ද විදුහල කඩුලූ 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. ආනන්ද විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් රැස්කළ රහල් අවිෂ්ක (57) තම කණ්ඩායමේ ජයග‍්‍රහණය ඉක්මන් කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් සහිරා විදුහල සියලූ දෙනා දැවී ලකුණු 122 ක් ලබාගත් අතර කවීෂ අංජුල සහ දිනුක ජයරත්න කඩුලූ 3 බැගින් දවාගනිමින් සහිරා විදුහලේ පිතිකරුවන් අසරණ තත්ත්වයකට ඇද දැමූහ.

සහිරා විදුහල ඕවර 38.4 කදී සියලූ දෙනා දැවී 122
(මොහොමඞ් අර්සාඞ් 22, රම්සාන් රෆයඞීන් 18, කවීෂ අංජුල 13/3, දිනුක ජයරත්න 19/3)

ආනන්ද විදුහල ඕවර 21.4 කදී කඩුලූ 3 ක් දැවී 123
(රහල් අවිෂ්ක 57, නිසල් ප‍්‍රැන්සිස්කෝ 37)

036


අදහස් (0)

ආනන්ද විදුහලට කඩුලූ 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.