Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආනන්ද මෛත්‍රී විද්‍යාලයට ඉනිමක ජයක්

ආනන්ද මෛත්‍රී විද්‍යාලයට ඉනිමක ජයක්

Nisanka Sandeepani - 2017 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වැනි කොටසේ තරගයකදී බලංගොඩ බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 63 ක ජයක් හිමිකර ගැනීමට බලංගොඩ ආනන්ද මෛත්‍රී විද්‍යාලය අද (19 වැනිදා) සමත්විය. මෙම තරගය බලංගොඩ ආනන්ද මෛත්‍රී විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

බලංගොඩ ආනන්ද මෛත්‍රී විද්‍යාලය වෙනුවෙනු තුන් ඉරියව් දස්කම් දැක්වූ චමෝද් හංසක (76) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන්ද ලකුණු 29 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වූ අතර සම්ප්‍රනාත් විශ්වමෙත් ලකුණු 33 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

බුද්ධ ජයන්ති ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 41.5 කදී සියලුදෙනා දැවී ලකුණු 142
(හස්නන් අහ්මඞ් 42, අශේන් සචින්ත නොදැවී 20, රවිඳු ප්‍රවීන් 20, සම්ප්‍රනාත් විශ්වමෙත් 33/5, තිවංක කරුණාරත්න 20/4)

ආනන්ද මෛත්‍රී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 59 කදී සියලුදෙනා දැවී ලකුණු 310
(චමෝද් හංසක 76, ප්‍රවීන් ගොඩකුඹුර 61, චාමර මදුශංක 41, උදේශ් වතුකර 28, ලලංත විශ්වජිත් 21, ඉශාර අබේසිංහ 91/6)

බුද්ධ ජයන්ති ම.ම. විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 39.2 කදී සියලුදෙනා දැවී ලකුණු 105
(රවිඳු ප්‍රවීන් 29, චමෝද් හංසක 29/6)


අදහස් (0)

ආනන්ද මෛත්‍රී විද්‍යාලයට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.