Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආදරවන්තයන්ගේ සටන හෙට - අනිද්දා

ආදරවන්තයන්ගේ සටන හෙට - අනිද්දා

editorial - 2023 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ගාල්ල රිච්මන්ඩ් විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර 118 වැනි වරට පැවැත්වෙන ‘ආදරවන්තයන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය හෙට (17 වැනිදා) සහ අනිද්දා (18 වැනිදා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

මෙම මහ ක්‍රිකට් තරගය 1905 වසරේදී ආරම්භ විය. රිච්මන්ඩ් විදුහල අවසන් වරට 2019 වසරේදී තවීෂ අභිෂේක්ගේ නායකත්වය යටතේ ‘ආදරවන්තයන්ගේ සටන’ ජයගත් අතර මහින්ද විද්‍යාලය අවසන් වරට ඉන් ජය ලැබුවේ 2008 වසරේදී රජිත් ප්‍රියාන්ගේ නායකත්වය යටතේය. 

තරින්ද නිර්මාල්ගේ නායකත්වය යටතේ රිච්මන්ඩ් විදුහල් කණ්ඩායම මෙවර මහ තරගයට එක්වන අතර එහිදී මහින්ද විදුහල් කණ්ඩයම මෙහෙයවීමේ වගකීම ධනුජ ඉඳුවරට හිමිව තිබේ. මෙවර ‘ආදරවන්තයන්ගේ සටන’ ඔවුන් දෙදෙනා ක්‍රීඩා කරන සිවුවැනි මහ ක්‍රිකට් තරගය බවටද පත්වනු ඇත.

රිච්මන්ඩ් විදුහල මෙවර තරග වාරයේ සහභාගි වූ තරග 13 දී පූර්ණ ජයග්‍රහණ තරග 5 ක්, පළමු ඉනිමේ ජයග්‍රහණ 6 ක් සහ පළමු ඉනිමේ පරාජයක් ලබා ඇති අතර සෙසු තරගය විසඳුමකින් තොරව නිමාවට පත්ව තිබේ. මෙවර අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට රිච්මන්ඩ් කණ්ඩායම සමත් විය. 

මෙවර තරගවාරයේදී රිච්මන්ඩ් විදුහල් කණ්ඩායම වෙනවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්ව ඇති ඉදිරිපෙළ පිතිකරු කවිඳු නිර්මාණ ලබා සිටින ලකුණු සංඛ්‍යාව 500 කි. මහීෂ ද සිල්වා සහ තමිඳු ප්‍රදීප්ත රිච්මන්ඩ් විදුහල වෙනුවෙන් ලකුණු 400 සීමාව ඉක්මවා ඇති සෙසු පිතිකරුවෝ වෙති. 

වමතින් දඟපන්දු යවන යූරි කොත්තිගොඩ කඩුලු 48 ක් දවාගනිමින් සිය කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින අතර ඉනිමකදී ලකුණු 25 කට කඩුලු 7 ක් දවා ගැනීම ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වේ. තුන් ඉරියව් ක්‍රීඩක තරින්ද නිර්මාල් ලකුණු 350 ක් රැස්කරමින් සහ කඩුලු 46 ක් බිඳහෙළමින් රිච්මන්ඩ් විදුහල වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දක්වා සිටියි. 

මහින්ද විදුහල මෙවර තරග වාරයේ සහභාගි වූ තරග 11 දී පූර්ණ ජයග්‍රහණයක්, පළමු ඉනිමේ ජයග්‍රහණ 6 ක් සහ පළමු ඉනිමේ පරාජයක් ලබා ඇති අතර ඔවුන් සහභාගි වූ තරග 3 ක් විසඳුමකින් තොරව නිමාවට පත්ව තිබේ. මෙවර අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමටද රිච්මන්ඩ් කණ්ඩායම සමත්ව ඇත. 

ශතකයක් සහ අර්ධ ශතක 5 ක් සමග ලකුණු 600 කට ආසන්න සංඛ්‍යාවක් රැස්කරගෙන සිටින නායක ධනුජ ඉඳුවර මහින්ද විදුහල් කණ්ඩායම වෙනුවෙන් මෙවර තරග වාරයේදී වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. මහින්ද විදුහල වෙනුවෙන් ලකුණු 500 සීමව පසුකර ඇති සෙසු පිතිකරුවා වන්නේ හිරුණ ගාල්ලගේය. 

පිට දඟපන්දු යවන ක්‍රීඩක තරුෂ ඩිල්ෂාන් මෙවර තරග වාරය තුළ කඩුලු 32 ක් දවාගෙන ඇති අතර පිත්තෙන්ද දස්කම් දක්වා ඇති ඔහු රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 282 කි. දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් හසරංග සහ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක අරෝෂ උදයංග පිළිවෙලින් කඩුලු 28 ක් සහ 19 ක් බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දක්වා ඇත. 

රිච්මන්ඩ් විදුහල වෙනුවෙන් චම්පක රාමනායක, චමිල ගමගේ, සුරංග ලක්මාල්, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, චරිත් අසලංක සහ කමිඳු මෙන්ඩිස්ද, මහින්ද විදුහල වෙනුවෙන් ජයනන්ද වර්ණවීර, අතුල සමරසේකර, උපුල් චන්දන සහ ලසිත් මාලිංගද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් දිනාගත් ක්‍රීඩකයෝ වෙති. 

 

රිච්මන්ඩ් විදුහල් සංචිතය 
තරින්ද නිර්මාල් (නායක), කවිඳු නිර්මාණ, භානුක මනෝහර, ජනෙත් කෞෂාල්, මහීෂ ද සිල්වා, මල්ෂ තරුපති, ශාරෝන් අභිෂේක්, තමිඳු ප්‍රදීප්ත, චෙහාන් සුබසිංහ, සිහත් රාමනායක, ඉමේෂ් ශශිඳු, කවීෂ ඉඳුවර, මනුජ දුල්නෙත්, යූරි කොත්තිගොඩ, සෙනෙත් සිසාන්, පුබුදු මිහිරංග, හේලිත් එදිරිසිංහ, මිනග ආරියදාස, නෙත්සර ආකාෂ්, බෙවින් ජයවර්ධන, ලක්මාල් ද සිල්වා මහතා (ප්‍රධාන පුහුණුකරු), උමාල් උදයංග මහතා (සහාය පුහුණුකරු), ලහිරු මදුවන්ත මහතා (සහාය පුහුණුකරු) සහ නුවන් ජයසිංහ මහතා (ක්‍රිකට් භාර ආචාර්ය) 

මහින්ද විදුහල් සංචිතය 

ධනුජ ඉඳුවර (නායක), දිනුර කළුපහන (උප නායක), පසිඳු ලක්ෂාන්, හිරුන ගාල්ලගේ, කවීෂ ගිම්සර, දුලන රාජපක්ෂ, දෙනෙත් කෞශල්‍ය, චන්දුප ද සිල්වා, රන්මිණ හෙට්ටිආරච්චි, තරුෂ ඩිල්ෂාන්, ප්‍රමේෂ් මදුභාෂණ, කවීන් රුක්ෂාන්, හරීන් අචින්ත, ශෙහාන් හසරංග, නිනුර දීලක, දුල්සිත් දර්ශන, අරෝෂ උදයංග, සේනුක දන්ගමුව, විනුප නෙත්මිර, තරංග මහරඹ මහතා (ප්‍රධාන පුහුණුකරු), සුලලිත් විජේතුංග මහතා (සහාය පුහුණුකරු) සහ නිශාන්ත කුමාර මහතා (ක්‍රිකට් භාර ආචාර්ය) 


අදහස් (0)

ආදරවන්තයන්ගේ සටන හෙට - අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.