Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආදිවාසී- නළු නිළි ක‍්‍රිකට් තරගය 20 දා මාතලේදී

ආදිවාසී- නළු නිළි ක‍්‍රිකට් තරගය 20 දා මාතලේදී

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 5 Comment
A A A

මාතලේ දිස්ත‍්‍රික් ක‍්‍රීඩා ඉතිහාසයේ ප‍්‍රථම වරට ආදිවාසීන් හා රංගන ශිල්පීන් කණ්ඩායමත් අතර පැවැත්වෙන ප‍්‍රදර්ශන කි‍්‍රකට් තරගයක් ලබන ඉරිදා (20) පෙරවරු 8.30ට මාතලේ බර්නාඞ් අළුවිහාරේ ක‍්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

ජනපි‍්‍රය ගීත රචක හා රංගන ශිල්පි වසන්ත දුක්ගන්නාරාල රංගන ශිල්පීන්ගේ කණ්ඩායමේ නායකත්වය දරන අතර ආදීවාසීන්ගේ කණ්ඩායමේ නායකත්වය හීන් බණ්ඩා හූරා විසින් දරනු ලබයි.

රංගන ශිල්පී කණ්ඩායමට සරත් කොතලාවල, මේනක රාජපක්‍ෂ, නෙහාරා පීරිස්, සනත් විමලසිරි, මිහිරි සිරිතිලක, අකලංක ගණේගම, ගයන්ත විජේරත්න, රජිත හිරාන් (පිංපොං) සහ අමිල අබේසේකර යන ශිල්පීහූ සහභාගී වෙති.

ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය හා මාතලේ දිස්ත‍්‍රික් ක‍්‍රිකට් සංගමයේ සභාපති රෝහණ දිසානායක සහ ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමට මාතලෙන් එක්වූ ක‍්‍රිකට් ක‍්‍රීඩක චානක වෙලගෙදර යන මහත්වරු උත්සවයේ ආරාධිතයෝ ලෙස සහභාගී වෙති.

 


අදහස් (5)

ආදිවාසී- නළු නිළි ක‍්‍රිකට් තරගය 20 දා මාතලේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.