Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අසාර්ථක සාකච්ඡා උණුසුම් වෙයි

අසාර්ථක සාකච්ඡා උණුසුම් වෙයි

editorial - 2021 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වාර්ෂික ගිවිසුම අත්සන් කිරීම පසුවට කල් තියා එංගලන්ත සංචාරයට යාමට පෙර සංචාර ගිවිසුම අත්සන් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් ක්‍රීඩකයන්ගෙන් ඉල්ලා තිබේ. ඒ වෙනුවෙන් විශේෂයෙන්ම සකස් කළ ගිවිසුමක් ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට දී ඇතත් ක්‍රිකට් ක්‍රීඩකයෝ අද දහවල් වන තුරුත් ඊට අත්සන් නොකළහ‍.

ඒ සම්බන්ධයෙන් අද පෙරවරුවේදී කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරින් අතර පැවති සාකච්ඡාවක් උණුසුම් තත්ත්වට හැරී තිබේ.

සංචාරක කොන්ත්‍රාත්තුව අත්සන් නොකරන ක්‍රීඩකයින්ට එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස ක්‍රිකට් නිලධාරීන් දන්වා තිබේ. ඒ අනුවන ක්‍රීඩකයින් එම ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර ඔවුන්ට හෝටලයෙන්ද ඉවත්ව යන ලෙස තවත් නිලධාරීන් පිරිසක් දන්වා ඇතැයිද වාර්තා වේ.

- 213  

 


අදහස් (0)

අසාර්ථක සාකච්ඡා උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.