Last Update  :  2025-05-10 11:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අසාර් අලී - ඉමාම් උල් හක් ලකුණු ගොඩගහති
රාවල්පිණ්ඩි ටෙස්ට් තරගය

අසාර් අලී - ඉමාම් උල් හක් ලකුණු ගොඩගහති

editorial - 2022 මාර් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අසාර් අලීගේ 19 වැනි ටෙස්ට් ශතකයෙන් සහ ඉමාම් උල් හක්ගේ (157) විශිෂ්ට පිතිහරඹයෙන් සවිමත් වු පාකිස්තානුවෝ ඕස්ට්‍රේලියාවට එරෙහිව රාවල්පිණ්ඩියේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන විට සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 476 ක් ලබාගත්හ. දිනයේ ඉතිරිව තිබූ එකම ඕවරය නිමා වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 5 ක් ලබා සිටියේය.

දෙවැනි දිනය වූ අද (5 වැනිදා) පෙරවරුවේදී තරගය ආරම්භ වූයේ මන්දගාමී ලෙසිනි. ඊයේ (4 වැනිදා) සිදුවූ ෂේන් වෝන්ගේ හදිසි අභාවය එහි ප්‍රධාන මාතෘකාව වී තිබිණ.

උදය කාලයේ ලකුණු වේගය ඕවරයකට ලකුණු 2.00 ක් ආසන්නයේ වූවත් දිවා ආහාරයෙන් පසුව ලකුණු රැස්කිරීම තරමක් වේගවත් වූයෙන් කඩුලු 2 කට ලකුණු 394 ක් ලබා පාකිස්තානුවෝ තේ පානයට ගියහ.

වසර 24 කට පසුව කෙරෙන ඕස්ට්‍රේලියානුවන්ගේ පාකිස්තානු සංචාරය, මාස 20 ක පමණ කාලයකට පසුව ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ පළමු විදෙස් සංචාරයද වෙයි.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වෙහෙසකර පන්දු යැවීමක යෙදුණු නේතන් ලයන් ඕවර 47 කදී ලකූණු 147 ක් දෙමින් ලබාගත්තේ එකම කඩුල්ලකි. පන්දු යවන්නන් 8 දෙනකු සේවයට යොදාගත් නමුත් සාර්ථක වූයේ නායක පැට් කමින්ස්, ලයන් සහ මානස් ලැබුෂේන් පමණි.
 
වසර 4 කට ඉහතදී සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ ඉමාම්-උල්-හක්, තරග 11 කදී ලබා සිටියේ ලකුණු 485 කි. එහෙත් රාවල්පිණ්ඩියේදී හෝරා 9 කට ආසන්න කාලයක් තිස්සේ පන්දු 358 කට මුහුණ දෙමින් හයේ පහර 2 ක් සහ හතරේ පහර 18 කින් සිය ඉනිම අලංකාර කළ ඉමාම්-උල්-හක් සිය මංගල ටෙස්ට් ශතකය එහිදී ලබාගත්තේය.

ඉමාම් සහ අසාර් අලී අතර තුන්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 208 කි.

අසාර් අලී සිය ශතකය ලබාගැනීමෙන් පසුව පාකිස්තානුවෝ ලකුණු වේගය වැඩි කළහ. සිය ටෙස්ට් දිවියේ සිව්වැනි ද්විත්ව ශතකය කරා යමින් සිටි අසාර් අලී, ඊට ලකුණු 15 ක් මෑතින් දැවී ගිය බැවින් පාකිස්තානුවෝ මුල් ඉනිම අත්හිටුවා ඕස්ට්‍රේලියානුවන් පිතිහරඹයට කැඳවූහ.


පාකිස්තානය - පළමු ඉනිම කඩුලු 4 ක් දැවී 476
(අබ්දුල්ලා ශෆීක් 44, ඉමාම් උල් හක් 157, අසාර් අලී 185, බාබර් අසාම් 36, මොහොමඩ් රිස්වාන් නොදැවී 29, ඉෆ්තිකාර් අහමඩ් නොදැවී 13)

- 213

 


අදහස් (0)

අසාර් අලී - ඉමාම් උල් හක් ලකුණු ගොඩගහති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.