Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අසාමාන්‍ය වෙළඳ සන්නාමය - පර්සි

අසාමාන්‍ය වෙළඳ සන්නාමය - පර්සි

editorial - 2023 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හැදී වැඩෙන ඕනෑම ශිෂ්‍යයෙකුට තමන්ගේම සන්නාමයක් නිර්මාණය කරන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, පර්සි අබේසේකර මහතා කළ දේ ආදර්ශයක් විය හැකිය, ඒ සඳහා පර්සි අබේසේකර මහතා කළ දේ අනුකරණය කිරීම අවශ්‍ය නොවේ. මක්නිසාද යත් පර්සි අබේසේකරයන්ට තිබුණේ ඔහුගේම අද්විතීය මිණුම් දණ්ඩක් වන බැවිනි. 

පර්සි අබේසේකර යනු අනුගමනය කිරීමට අපහසු ආදර්ශයකි. එවන් පෞරුෂයක් පුදුමාකාරය. 

කිසිවකු තම ආශාව අනුව, තමන්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමට බියවිය යුතු නැත. 

පර්සි අබේසේකර මහතා කළ ආකාරයටම එය කරන්න. වෙහෙස නොබලා, කරදරය නොසලකා දිගටම කරගෙන යන්න. පර්සි අබේසේකර මහතා කළේත් එයයි. අවසානයේ එය අසාමාන්‍ය වූ ගෝලීය සන්නාමයක් බවට පත් විය.

ඔහු, අප සැමට විනෝදාස්වාදය ලබා දුන්නා පමණක් නොව, ජාත්‍යන්තරයේ කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ දිගුකාලීන මිත්‍රත්වයන් ද ගොඩනඟා ගත්තේය. පර්සි අබේසේකර මහතාගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවුඩ එවූ ලෝකයේ බොහෝ ප්‍රකට ක්‍රීඩකයෝ සිටියහ. අන් අය සිතීමටත් බියවන නමුත් පර්සි අබේසේකරයන්ගේ අමතක නොවන, මායාකාරී, එඩිතර දිරිගැන්වීමේ කලාව ඊට හේතුවයි. 

ඕනෑම කෙනෙකුට තවත් කෙනෙකුගේ ක්‍රියා හෝ ශෛලිය අනුගමනය කළ හැකිය. එහෙත් නියත වශයෙන්ම තවෙකකුගේ ලැදියාව අනුගමනය කළ නොහැකිය.  එය සුවිශේෂී කාරණාවකි. 

දින පහක ටෙස්ට් තරගයකදී, වර්ණවත් සිංහ කොඩිය අභිමානයෙන් ප්‍රදර්ශනය කිරීමට පසුබට නොවූ වෙනත් ශ්‍රී ලාංකිකයකු නැති තරම්ය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම අමාරුවේ වැටී සිටි අවස්ථාවලදීත් පර්සි අබේසේකර මහතා නිර්භයව, ශ්‍රී ලංකාවේ සිංහ ධජය ඔසවාගෙන සිටියේය.  ගණන් කළ නොහැකි වාර ගණනක්, සිංහ කොඩිය අතින් ගෙන තනිවම ඉදිරියට ගිය, වෙනත් ශ්‍රී ලාංකිකයෙකු, සොයාගැනීම අපහසුය. 
අවම වශයෙන් වසර 50 කට වැඩි කාලයක් ඔහු ඒ දේ කර තිබීම ගිනස් පොතට සුදුසු වාර්තාවක් වන්නට පුලුවන. එය වැඩිදෙනාගේ අවධානයට ලක්විය යුතු, අතිමහත් ප්‍රශංසනීය ඉදිරිපත් වීමකි. 

ක්‍රිකට් පිටිය වටා, සැතපුම් ගණනාවක් ඇවිදිමින්, අව්වෙන් හෝ වැස්සෙන් ඇතිවන පීඩාව නොතකා, වසර 50 කට වැඩි කාලයක් පුරා පර්සි අබේසේකර ගිය දීර්ඝ ගමනේදී ඔහු ජාතික කණ්ඩායමට ධෛර්ය දුන්නා පමණක් නොව ක්‍රීඩා ලෝලීන්වත් උනන්දු කළේය. 

1979 වසරේ සිට වසර 44 ක් පුරා පර්සිව හඳුන අයකු වශයෙන්, ඔහුගේ ක්‍රිකට් ලැදියාවේ වෙනස් පැත්තක් දැකීමට මට සුවිශේෂී අවස්ථාවක් ලැබිණි. ඒ 2012 - 2016 අතර කාලයේදී උතුරු පළාතේදී පැවති ‘මුරලි අභියෝගය කුසලාන’ තරඟාවලියේදීය. එම තරගාවලි පැවැති සමයේදී මිත්‍රත්වයේ දෑත් දිගු කිරීම තුළින් සංහිඳියාව සහ සුහදතාවය ගොඩනැගීම සඳහා පර්සි අබේසේකර අද්වීතීය කාර්යභාරයක් ඉටු කළේය. 

“කිසිදා අත් නොහරින”  ආකල්පයේ දුර්ලභ ත්‍යාගයක් වූ පර්සි අබේසේකර මහතා, වියපත්ව සිටියදීත් ක්‍රිකට් පිටිය අත නොහැරම සිටියේය. දැඩි හිරුරැසින් පීඩිත උණුසුම හෝ වර්ෂාවේ තෙතමනය සහිත දේශගුණික තත්ත්වයන් නොතකා, පිටියේ රවුම් ගසන පර්සි අබේසේකරගේ පැමිණීම ගැන උතුරේ ජනතාව මහත් උනන්දුවෙන් බලා සිටියහ.

එංගලන්තයේ හිටපු නායක ශ්‍රීමත් ඉයන් බොතම්ට ‘නයිට් පදවිය’ ලැබුණේ පුණ්‍ය කටයුතු සඳහා සැතපුම් දහස් ගණනක් ඇවිදීම නිසා බව, වරක් සැහැල්ලුවෙන් සිනාසෙමින් සිටි අවස්ථාවකදී, පර්සි අබේසේකර මහතාට මම කීවෙමි. අබේසේකර මහතා, සුපුරුදු අනුකරණය කළ නොහැකි හා හාස්‍යජනක ආකාරයෙන්, ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූයේ ඔහු ලොව පුරා සියලුම ක්‍රීඩාංගණ වටා සැතපුම් ගණන් ඇවිද ගොස් ඇති බව කීමෙනි. 

“ඉයන් බොතම්ට නයිට් පදවියක් ලැබුණාට මට ගුඞ් නයිට් එකක් වත් නෑ” යයි අබේසේකර මහතා ක්‍ෂණිකවම කීවේය. ඔහුගෙන් මිස අන් කිසිවකුගෙන් එවන්  හීසර වන් කියුම් අසාගත නොහැකිය. 

ඔහුගේ නිර්භීත දිවියට අපි ආචාර කරමු. ප්‍රශංසා කරමු. 

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ සිය ගණනක් සිටිති. අතීතයේ සිට බැලුවහොත් දහස් ගණනක් සිටියහ. එහෙත් ක්‍රිකට් ක්‍රීඩාවේ හදවත තුළට එබී බැලීමට ඒ කිසිවකුට හැකිවී නැත. පර්සි අබේසේකරයෝ එය කළහ. 
දිවිය පුරාම, සජීවී මෙන්ම ජවසම්පන්න චරිතයක් වූ පර්සි අබේසේකර ක්‍රිකට් ක්‍රීඩාවේ ආත්මය හා බද්ධ වූ ක්‍රීඩාවේ සැබෑ තානාපතිවරයෙකි. ක්‍රිකට් ලෝලීන්ගේ සිත් තුළ සදාතනිකව තැන්පත් වී තිබෙන පර්සි අබේසේකරයන්ගේ පිළිරුව ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියෙන් මකා දැමිය නොහැක.


කුෂිල් ගුණසේකර
ගුණ-ජය-සතුට පදනම


අදහස් (0)

අසාමාන්‍ය වෙළඳ සන්නාමය - පර්සි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.