Last Update  :  2025-08-06 17:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අසභ්‍ය වචන භාවිතයට ටමීම්ට දඩ

අසභ්‍ය වචන භාවිතයට ටමීම්ට දඩ

editorial - 2021 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පසුගිය සිකුරාදා පැවැති තුන්වැනි එක්දින තරගයේදී අසභ්‍ය වචන භාවිතා කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශ නායක ටමීම් ඉක්බාල්ට දඩ නියම කර ඇතැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කරයි. මෙම වරද හේතුවෙන් ඔහුගේ තරග මුදලින් 15% ක්  දඩ වශයෙන් අය කෙරෙනු ඇත.
 
මෙම දඩ මුදලට අමතරව ඔහුගේ විනය වාර්තාවට අගති ලකුණක්ද එක්කෙරෙනු ඇත. එය වසර දෙකක කාලයක් පුරා බලපැවැත්වෙන්නකි.

සිකුරාදා එක්දින තරගයේ 10 වැනි ඕවරයේදී නිරෝෂන් දික්වැල්ලට උඩපන්දුවක් දෙමින් ටමීම් ඉක්බාල් දැවී ගිය අවස්ථාවේදී ඔහු එය විනිසුරු තීරණ විමසීමට යොමු කළේය. එහෙත් තමන් දැවීගිය ක්‍රීඩකයකු බව තහවුරු කිරීමත් සමගම ඔහු අසභ්‍ය වචන භාවිතා කර තිබේ.

තමන්ගේ වරද පිළිගත් ටමීම් තරග තීරක නීයාමුර් රශීඩ් විසින් පනවන ලද දඬුවමද පිළිගත්තේය. එබැවින් පරීක්‍ෂණ කිසිවක් අවශ්‍ය නොවීය.

- 213

 


අදහස් (0)

අසභ්‍ය වචන භාවිතයට ටමීම්ට දඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.