Last Update  :  2025-10-02 21:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අවිෂ්කගේ ශතකය අපතේ යයි

අවිෂ්කගේ ශතකය අපතේ යයි

editorial - 2025 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද) 

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන 10 වැනි ‘සිංගර් කුසලාන’ වෙළෙඳ සේවා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සී.ඩී.බී. ‘ඒ’ කණ්ඩායම සහ මැලිබන් බිස්කට් ‘ඒ’ කණ්ඩායම අතර මූලික වටයේ තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට මැලිබන් බිස්කට් ‘ඒ’ කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 207 ක ඉලක්කයක් හඹාගිය මැලිබන් බිස්කට් ක්‍රීඩකයෝ ඕවර 19.1 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ඉලක්කය පසුකර ගියහ. පන්දු 9 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 26 ක් රැස්කළ දුෂන් හේමන්ත සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. 

මැලිබන් බිස්කට් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූ ආරම්භක පිතිකරු විෂේන් හැළඹගේ පන්දු 21 කින් වේගවත් ලකුණු 53 ක් රැස්කළේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. ධනංජය ලක්ෂාන් පන්දු 33 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 39 ක්ද, සනෝජ් දර්ශික පන්දු 23 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 39 ක්ද රැස්කළහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් සී.ඩී.බී. ‘ඒ’ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 206 ක් ලබාගත් අතර එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 51 කින් ලකුණු 100 ක් රැස්කළේ හයේ පහර 11 ක් සහ හතරේ පහරක් සමගිනි. ආරම්භක පිතිකරු ෂෙවෝන් ඩැනියෙල් පන්දු 22 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 34 ක් රැස්කළේය. 


සී.ඩී.බී. ‘ඒ’ පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 206  
(ෂෙවෝන් ඩැනියෙල් 34, අවිෂ්ක ප්‍රනාන්දු 100, සොනාල් දිනූෂ 33, දුනිත් වෙල්ලාලගේ නොදැවී 14) 

මැලිබන් බිස්කට් ‘ඒ’ පිල - ඕවර 19.1 කඩුලු 5 ක් දැවී 209  
(විෂේන් හැළඹගේ 53, ධනංජය ලක්ෂාන් 39, සනෝජ් දර්ෂික 39, සහන් ආරච්චිගේ නොදැවී 16, දුෂාන් හේමන්ත නොදැවී 26, ළහිරු මධුෂංක 34/3) 

 


අදහස් (0)

අවිෂ්කගේ ශතකය අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.