Last Update  :  2025-07-30 20:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අවිශ්ක - චන්දුල් ශතක ලබති
15න් පහළ III කොටසේ ක්‍රිකට්

අවිශ්ක - චන්දුල් ශතක ලබති

editorial - 2025 ජුලි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව) 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ අන්තර් පාසල් තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී නුවරඑළිය කේන්සියා ජාත්‍යන්තර පාසලට එරෙහිව ශතකයක් සමගින් තුන් ඉරියව් දස්කම් දැක්වීමට පොරමඬුල්ල මැදි විදුහලේ අවිෂ්ක කේශාන් සමත්විය.

පොරමඬුල්ල මැදි විදුහලේ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පොරමඬුල්ල මැදි විදුහල ඉනිමක සහ ලකුණු 165 ක ජයක් ලැබීය.

මෙම තරගයේදි අවිෂ්ක කේශාන් පිත්තෙන් දස්කම් දක්වමින් නොදැවී ලකුණු 118ක් රැස් කළ අතර, පන්දුවෙන් දස්කම් දක්වමින් පළමු ඉනිමේදී ලකුණු 24කට කඩුලු 6 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 25 කට කඩුලු 3ක් දවාලීය. පිත්තෙන් දස්කම් දැක්වූ පෙරමඬුල්ල විදුහලේ චන්දුල් දස්මිත් ලකුණු 105 ක් රැස් කළේය. පන්දුවෙන් දස්කම් දැක්වූ කවීෂ සරත්චන්ද්‍ර ලකුණු 15කට කඩුලු 5ක් දවාලීය.

 

පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 3 ට 312 යි
(අවිෂ්ක කේශාන් නොදැවී 118, චන්දුල් දස්මිත් 105, ආර්.එම්.කේ. ග්‍රේ 21, මොහොමඩ් සායිඩ් 27/2)

නුවරඑළිය කෙනේෂියා ජාත්‍යන්තර පාසල - පළමු ඉනිම 43 යි 
(එස්. ක්‍රිතික් 43, අවිෂ්ක කේශාන් 24/6, පී. ටී. වික්‍රමසිංහ 21/2)

නුවරඑළිය කෙනේෂියා ජාත්‍යන්තර පාසල - දෙවැනි ඉනිම 57 යි 
(එම්. ෂෙරෝන් 28, කවීෂ සරත්චන්ද්‍ර 15/5, අවිෂ්ක කේශාන් 25/3)



අදහස් (0)

අවිශ්ක - චන්දුල් ශතක ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.