Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රාජගිරිය ශ්‍රී ජයවර්ධනපුර විදුහල සහ බලපිටිය රේවත විදුහල අතර බලපිටියේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ II කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 99 ක ජයක් අත්කර ගැනීමට රේවත විදුහල සමත් විය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ අවිෂ්ක දිල්ෂාන් ලකුණු 81 කට කඩුලූ 11 ක් දවාගනිමින් රේවත විදුහල ජයග‍්‍රහණය කරා ගෙන ගියේය.
අවිෂ්ක දිල්ෂාන් (73), කවිඳු දිල්හාර (69), දිමුතු කුමාර (82) සහ ශිහාන් හංසික (50) රේවත විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත්හ.
ශ්‍රී ජයවර්ධනපුර විදුහල පළමු ඉනිම - ඕවර 33.2 කදී සියලූ දෙනා දැවී 114
(කවිඳු දිල්සර නොදැවී 46, සත්සර පරණමාන්න 26, අවිෂ්ක දිල්ෂාන් 53/6)
රේවත විදුහල පළමු ඉනිම - ඕවර 84.2 කදී කඩුලූ 8 ක් දැවී 346
(අවිෂ්ක දිල්ෂාන් 73, කවිඳු දිල්හාර 69, දිමුතු කුමාර 82, ශිහාන් හංසික 50, සත්සර පරණමාන්න 74/2, සම්පත් නිසස්ංක 62/2, තියුම් කාවින්ද 58/2)
ශ්‍රී ජයවර්ධනපුර විදුහල දෙවැනි ඉනිම - ඕවර 58.3 කදී සියලූ දෙනා දැවී 133
(දුෂාන් ලක්ෂිත 49, රමේෂ් මධුසංක 30/2, අවිෂ්ක දිල්ෂාන් 28/5)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.