Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අරූස්ට සහයට කමිටු නිලධාරීන් කීපදෙනෙක් අස්වීමේ සූදානමක් ?

අරූස්ට සහයට කමිටු නිලධාරීන් කීපදෙනෙක් අස්වීමේ සූදානමක් ?

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටුව නියෝජනය කළ මෙරට ජ්‍යෙෂ්ඨතම ක‍්‍රිකට් පරිපාලන නිලධාරියකු වන ඒ. ආර්. එම්. අරූස් මහතාට පැනවූ තහනමට විරෝධය දක්වමින් ක‍්‍රිකට් ආයතනයේ කමිටු නියෝජනය කරන නිලධාරීන් කීපදෙනෙක් ඉල්ලා අස්වීමට සූදානම් වන බව වාර්තා වේ.

ක‍්‍රිකට් ආයතනයේ එවැනි කමිටුවක් නියෝජනය කරන මේ වන විට විදේශගතව සිටින බව කියන නිලධාරියකු ද එම තහනමට විරෝධය දක්වමින් ඉල්ලා අස්වීමට සැරසෙන බව වැඩි දුරටත් වාර්තා වේ.  

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ නායිකා ශෂිකලා සිරිවර්ධනට ලැබුණු අනුග‍්‍රහක ගෙවීමකින් කොමිස් මුදලක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් පිළිබඳව ක‍්‍රිකට් ආයතනයේ විනය කමිටුව කළ පරීක්‍ෂණයෙන් පසුව අරුෂ් මහතාට ක‍්‍රිකට් පරිපාලනයේ නිරත වීම වසර පහකට තහනම් කිරීමට නිර්දේශ ඉදිරිපත් විය.

අරූෂ් මහතාට මෙම තීරණයත් සමග ක‍්‍රීඩා සමාජ තනතුර ඇතුළු ක‍්‍රිකට් පරිපාලනයට සම්බන්ධ කිසිඳු තනතුරක් දැරීම ද තහනම් වනු ඇත.
කෙසේ වුවත් මෙම තහනමට එරහෙිව නීතිමය පියවර ගැනීමට අරූෂ් මහතා මේ වන විට කටයුතු කරමින් සිටින බව ද දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණයේදී වැඩිම ඡුන්ද ලබා උප සභාපති ධූරයකට පත්වූ කේ. මතිවානන් මහතා ද මීට මාස දෙකකට පමණ පෙර ඉල්ලා අස්වූ අතර මේ දක්වා එම පුරප්පාඩුව පිරවීමට කටයුතු කර නොමැත.


අදහස් (0)

අරූස්ට සහයට කමිටු නිලධාරීන් කීපදෙනෙක් අස්වීමේ සූදානමක් ?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.