Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයිසීසී) ප්‍රධාන විධායක නිලධාරී මනු සව්නි මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වූයේය. මනු සව්නි මහතාගේ ක්‍රියා කලාපය අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විමර්ශනයට ලක්වූ හෙයින් මාසස හතරකට ඉහතදී ඔහුව අනිවාර්ය නිවාඩු යවන ලදි.
“අන්තර්ජාතික ක්‍රිකට් සභාව සමඟ සමීපව කටයුතු කරන නිලධාරී මණ්ඩලයේ සහයෝගය ඇතිව,
වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ජෙෆ් ඇලර්ඩිස් මහතා කටයුතු කරනු ඇත“ යයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.
සිය සගයන් සමඟ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂාවට ලක්කිරිමෙන් පසුව මනු සව්නි මහතා පසුගිය මාර්තු මාසයේ දී නිවාඩු යවනු ලැබිණ. එහෙත් මනු සව්නි මහතා විසින් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පරීක්ෂණ හඳුන්වා දෙන ලද්දේ “පූර්ව නිගමනයකින් යුත් දඩයම් කිරීමක්“ ලෙසිනි.
2019 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඩේවිඩ් රිචඩ්සන්ගේ ස්ථානය ගත් මනු සව්නි, 2022 දක්වා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් තේරී පත්විය. එහෙත් විවිධ ප්‍රතිපත්තිමය තීරණ සම්බන්ධයෙන් බලගතු ක්‍රිකට් පාලක මණ්ඩල කිහිපයක් සමඟ මනු සව්නිට ගැටුම් තිබිණ.
56 හැවිරිදි වියේ පසුවන මනු සව්නි, පසුගිය වසරේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නව සභාපතිවරයා තෝරාගැනීමේ ක්‍රියාවලය ආරම්භ කළ දින සිට පීඩනයට ලක්ව සිටියේය. එය අවසන් වුයේ නවසීලන්ත ජාතික නීතිඥවරයකු වනග්‍රෙග් බාක්ලේ නොවැම්බර් මාසයේ දී එම තනතුරට පත්වීමත් සමඟය.
- 535
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.