Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා වයිරසය හේතුවෙන් මියයන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන නමුත් ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) නියමිත පරිදි ඉදිරියට ගෙනයන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පවසා තිබේ. ජාතික සෞඛ්‍ය අර්බුදයක් මධ්‍යයේ ජනප්‍රිය විස්සයි-20 තරගාවලියක් දිගටම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වුවද ඉන්දීය ආර්ථිකයේ දැවැන්ත දැතිරෝදයක් වන අයි.පී.එල්. තරගාවලිය අතහැර දැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සූදානම් නොවේ.
පසුගිය වසරේදීත් කොරෝනා වසංගතය ඉතාම තදින් පැතිර යමින් තිබූ මොහොතක, අයි.පී.එල්. තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගත්තේය.
කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දියාවේ මියගිය සංඛ්‍යාව අද (බදාදා) දිනයේ 200,000 ඉක්මවා ගොස් තිබිණ. පසුගිය සතිය තුළ අවම වශයෙන් දිනකට 300,000 ක් පමණ දෙනා වෛරසයට ගොදුරු වූ බව පරීක්‍ෂණ වලින් තහවුරු විය. නැවත නැගී එන කොරෝනා වයිරසය විසින් ලෝකයේ දෙවන වැඩිම ජනගහනය සහිත රට බිළිගනිමින් සිටී.
අයි.පී.එල්. තරගාවලිය දිගටම පවත්වාගෙන යා යුතුද - නැද්ද යන්න පිළිබඳව සමාජ මාධ්‍ය තුළ පැවති විවාදයකදී ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයතම ස්ථාවරය සම්බන්ධයෙන් “බිහිරි” පිළිවෙතක් අනුගමනය කළ බවට චෝදනා එල්ල වී තිබේ. කෙසේ වෙතත්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ, ක්‍රිකට් ක්‍රීඩාව නැරඹීමට ක්‍රීඩාංගණවලට ඇතුළුවීමට ප්‍රේක්‍ෂකයන්ට ඉඩ නොදෙන නමුත්, මේ දුෂ්කර කාලයේදී බොහෝ දෙනෙකුට එය වැදගත් සහනයක් මෙන්ම විනෝදාස්වාදයක් විය හැකි බවයි.
අයි.පී,එල්. තරඟාවලිය කෝටි සංඛ්‍යාත පිරිසක් රූපවාහිනියෙන් නරඹති. එය ඉන්දියාවේ මෙන්ම ලෝකයේ අනෙක් රටවලද අතිශයින් ජනප්‍රිය තරගාවලියකි.
“බොහෝ අසුබවාදී දේවල් කතාබහට ලක්වන මොහොතක, අයි.පී.එල්. තරගාවලිය පැවැත්වීම දැන් වඩාත් වැදගත් වේවි” යනුවෙන් එම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල නිලධාරියා පැවසූ නමුත් ඔහු රොයිටර් පුවත් සේවයෙන් ඉල්ලා සිටියේ තමන්ගේ නම හෙළි නොකරන ලෙසයි.
“ධනාත්මක බව පැතිරවීම සඳහා ක්‍රීඩාවේ බලය අප අවතක්සේරු නොකළ යුතුයි. අවම වශයෙන් රසිකයන් නිවසේදී වත් එය අවශෝෂණය කරගනීවි. එසේ නොවුවහොත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මුහුණු ආවරණ නොමැතිව ගෙවල් වලින් පිටතට ඒවි” යයිද හෙතෙම කීවේය.
“අනෙක් අතට මේ තරගාවලිය අපේ ආර්ථිකයට සැලකිය යුතු මුදලක් උපයා දෙනවා. එය ඒ පැත්තෙනුත් දැකිය යුතුයි” යයි ද ඔහු කීවේය.
එහෙත් මාධ්‍යයේ මේ සම්බන්ධයෙන් විිවධ මත පළවේ.
“වසංගතය මධ්‍යයේ අයි.පී.එල්. අවසන් කරන ලෙස ඉල්ලා සිටීම නොමඟ යවන සුළු සදාචාරාත්මක කෝපයක්” යැයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත අඟහරුවාදා කතුවැකියකින් පැවසීය.
“... ක්‍රිකට් හෝ සිනමාව හෝ සංගීතය වේදනාත්මක මනසට ප්‍රතිකර්මයක් ලබා දෙයි ... ඒත් වසංගතයට එරෙහිව සටන් කිරීමේ වගකීම ක්‍රීඩකයින් හෝ ප්‍රසිද්ධ පුද්ගලයින් මත නොව ප්‍රාන්ත හා මධ්‍යම රජයන් වෙත පැවරෙන එකක්” යයිද එම පුවත් පත ප්‍රකාශ කර තිබිණ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.