Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග මේ වසරේ සැප්තැම්බර් සිට ඔක්තෝබර් දක්වා පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා හි වාර්තාවකට අනුව තරඟාවලියේ දෙවන අදියර එක්සත් අරාබි එමීර් රජ්‍යයේදී පවත්වනු ඇත.
ජෛව ආරක්ෂිත බුබුලු තුළ සිටියදීම කණ්ඩායම් හතරක ක්‍රීඩකයන් ඇතුළු පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසුව අයි.පී.එල් තරගාවලිය මේ මස 04 වැනිදා අත්හිටුවන ලදී.
කෙසේ වෙතත් මේ මස 29 වැනිදා පැවැත්වෙන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ විශේෂ මහා සභා රැස්වීමේදී අයි.පී.එල්. තරගාවලියේ දෙවැනි කොටස පැවැත්වෙන ස්ථානය සහ දිනයන් පිළිබඳව අවසන් තීරණය ගනු ඇත.
අයි.පී.එල්. තරගාවලියට තවත් දින කිහිපයක් එක්කර ගැනීමේ අරමුණින් එංගලන්තය සමගින් පැවැත්වෙන තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ කාලසටහන සංශෝධනය කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කිරීමට නියමිතව තිබේ.
එංගලන්තය සමගින් ටෙස්ට් තරගාවලිය අගෝස්තු 4 වැනිදා ආරම්භ වන අතර එය සැප්තැම්බර් 14 වැනිදා අවසන් වීමට නියමිතව ඇත. එහෙත් දෙවන සහ තෙවැනි ටෙස්ට් තරගය අතර දින නවයක පරතරයක් ඇති අතර එම පරතරය දින හතරක් දක්වා අඩු කර ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වෙයි.
කෙසේ වෙතත්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ සම්බන්ධයෙන් එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය සමඟ තවමත් සාකච්ඡා ආරම්භ කර නැත. “එම පරතරය හතර දක්වා අඩු කළ හැකි නම්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හට එම අමතර දින පහ අයි.පී.එල් තරගාවලිය සඳහා භාවිතා කිරීමට ඉඩ ලැබේ” යැයි ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් පත වාර්තා කරයි.
කෙසේ වෙතත්, එංගලන්ත ටෙස්ට් තරගාවලියේ කාලසටහන වෙනස් නොකිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළත්, මෙවර අයි.පී.එල්. තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරග ඇතුළුව ඉතිරි තරග 31 ක සැප්තැම්බර් 15 සිට ඔක්තෝබර් 15 දක්වා පැවැත්වීමට දින 30 ක කාලයක් තිබේ. අයි.පී.එල්. තරඟාවලිය අවසන් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට මාසයක කාලයක් ප්‍රමාණවත් වනු ඇතැයි කියැවේ.
කෙසේ වෙතත්, දෙවන සහ තෙවැනි ටෙස්ට් තරගය අතර පරතරය අඩු කිරීමට එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය එකඟ වුවහොත්, ඔක්තෝබර් 18 සිට ඇරඹීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර දින පහක් විවේකයෙන් ගත කළ හැකිය.
විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව ඇති අතර රටේ වසංගත තත්ත්වය නොතකා තරඟාවලිය ඉන්දියාවේදීම පැවැත්වීම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අපේක්ෂාව වන්නේය.
පසුගිය වසරේ පැවැති අයි.පී.එල් තරගාවලියද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පවත්වන ලද අතර සියලුම ක්‍රීඩාංගණ ප්‍රේක්ෂකයන්ට තහනම් කර තිබුණි.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.