Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන දහයයි10 ලීග් ක්‍රිකට් තරගාවලියේ අබුඩාබි කණ්ඩායම සහ කොලෑන්ඩර්ස් කණ්ඩායම අතර ඊයේ (15 වැනිදා) පැවැති තරගය ලකුණු සම වීම හේතුවෙන් ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 104 ක ඉලක්කයක් හඹාගිය කොලෑන්ඩර්ස් කණ්ඩායමට ඕවර 10 අවසානයේ කඩුලු 3 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 103 ක් පමණි. කොලෑන්ඩර්ස් ඉනිම නිමාවට පත්වන විට ආරම්භක පිතිකරු ලුක් රොන්කි පන්දු 19 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 23 ක්ද, සීක්කුගේ ප්‍රසන්න එක් ලකුණක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
වේගවත් පිතිහරඹයක නිරත වූ නායක ඬේවිඞ් මැලන් පන්දු 18 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 33 ක් රැස්කළ අතර ටොම් බැන්ටන් පන්දු 9 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 16 ක්ද, පිලිප් සෝල්ට් පන්දු 14 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 22 ක්ද රැස්කළහ. එහෙත් කොලෑන්ඩර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඔවුහු අපොහොසත් වූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් අබුඩාබි කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිතර වූ කෝරි ඇන්ඩසන් පන්දු 22 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 43 ක් රැස්කළේය. ආරම්භක පිතිකරුවන් වූ නිරෝෂන් දික්වැල්ල පන්දු 7 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 17 ක්ද, ලුක් රයිට් පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 20 ක්ද රැස්කරමින් අබුඩාබි කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ළහිරු කුමාර සිය ඕවර 2 තුළදී ප්‍රතිවාදීන්ට ලකුණු 22 ක් ලබාදෙමින් කඩුලු 2 ක් බිඳහෙළිය. එක් ඕවරයක් පමණක් යැවූ සීක්කුගේ ප්‍රසන්න, එය ලකුණු 3 කට සීමා කරමින් කඩුල්ලක් දවාගැනීමට සමත් විය.
අබුඩාබි පිල - ඕවර 10 කදී කඩුලු 6 කට 103
(නිරෝෂන් දික්වැල්ල 17, ලුක් රයිට් 20, කෝරි ඇන්ඩසන් 43, ළහිරු කුමාර 22/2)
කොලෑන්ඩර්ස් පිල - ඕවර 10 කදී කඩුලු 3 කට 103
(ටොම් බැන්ටන් 16, ලුක් රොන්කි 23, ඬේවිඞ් මැලන් 33, පිලිප් සෝල්ට් 22, මාචන්ට් ඩි’ලේන්ජ් 20/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.