Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අබ්දුල්ලා පාකිස්තානු ‘ඒ’ පිල ගොඩගනී

අබ්දුල්ලා පාකිස්තානු ‘ඒ’ පිල ගොඩගනී

editorial - 2021 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

සංචාරක පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) ආරම්භ වූ දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේ (සිව්දින) පළමු දිනය වර්ෂාව හේතුවෙන් අතහැර දමන විට පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිම ස`දහා කඩුලූ 4 ක් දැවී ලකුණු 180 ක් රැස්කර සිටියේය.

තරගය නතර කරන විට ආරම්භක පිතිකරු අබ්දුල්ලා ශෆික් හයේ පහරක් සහ හතරේ පහර 14 ක් සමගින් ලකුණු 89 ක් ලබා සිටියේය. අංක 6 පිතිකරු ආඝා සල්මාන් හතරේ පහර 2 ක් සමගින් ලකුණු 14 ක් රැස්කර නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය.

මුල්පෙළ පිතිකරුවන් වූ නායක සෞද් ශකීල් සහ ඔමාර් යූසුෆ් අඩු ලකුණු සංඛ්‍යාකට දැවීයන විට කම්රන් ගුලාම් සමගින් එක්ව තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 78 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ආරම්භක පිතිකරු අබ්දුල්ලා ශෆීක් ඉන් නොනැවතී පස්වැනි කඩුල්ල සඳහා ආඝා සල්මාන් සමගින් එක්ව තවත් ලකුණු 43 ක නොබි`දුණු සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තිබේ.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායක සධීර සමරවික‍්‍රම පන්දු යැවීම සඳහා ක‍්‍රීඩකයන් 5 දෙනෙකු යොදාගත් අතර චාමික ගුණසේකර ලකුණු 42 කට කඩුලූ 3 ක් සහ හිමේෂ් රාමනායක ලකුණු 36 කට කඩුල්ලක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

වර්ෂාව හේතුවෙන් පළමු දිනයේ තරගය  ඕවර 50.1 කට සීමාවිය.  ඕවර 40 කට ආසන්න සංඛ්‍යාවක් පළමු දිනයේදීම අපතේ ගියේය. ඒ අනුව දෙවැනි දිනය වන හෙට ඇරඹෙන තරගය මිනිත්තු 15 කට කළින් ආරම්භ වනු ඇත.


පාකිස්තාන ‘ඒ’ පළමු ඉනිම - කඩුලූ 4 ක් දැවී 180
(අබ්දුල්ලා ශාෆිකිව් නොදැවී 89, කම්රන් ගුලාම් 45, ආඝා සල්මාන් නොදැවී 14, චාමික ගුණසේකර 42/3, හිමේෂ් රාමනායක 36/1)

 


අදහස් (0)

අබ්දුල්ලා පාකිස්තානු ‘ඒ’ පිල ගොඩගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.