Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 11 ක් නිමා වන විට ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ලකුණු 6 ක් ලබා සිටින රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්ව තිබේ. මේ දක්වා තරග 3 කට සහභාගි වී ඇති බැංගලෝර් කණ්ඩායම එම තරග 3 ම ජයගනිමින් අපරාජිතව සිටියි.
දිල්ලි කැපිටල්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් දෙකම තරග 2 ක් බැගින් ජයගෙන, එක් තරගයක් පරාජය වී ප්‍රසාද ලකුණු 4 බැගින් ලබා සිටින නමුත් ශුද්ධ ලකුණු වේගය අනුව දිල්ලි කණ්ඩායම ලකුණු සටහනේ දෙවැනි ස්ථානයටත්, මුම්බායි කණ්ඩායම එහි තෙවැනි ස්ථානයටත් පත්ව තිබේ.
දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ශිකර් ධවාන් මෙතෙක් පැවැති තරග වලදී වැඩිම ලකුණු ලාභියා බවට පත්ව ඇති අතර තරග 3 කදී අර්ධ ශතක 2 ක් සමගින් ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 186 කි. පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව රැස්කළ ලකුණු 92 මේ දක්වා ධවාන් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 62.00 ක් ලෙස සටහන් වේ.
තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ හර්ෂාල් පතෙල් සමත් වී ඇති අතර තරග 3 කදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 9 කි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 27 කට කඩුලු 5 ක් දවාගැනීම පතෙල්ගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන අතර ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 7.66 ක අගයක් ගනී.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.