සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා නම්කර ඇති ශ්‍රී ලංකා එක්දින සංචිතයේ ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව තමන් සෑහීමට පත්නොවන බවත් කොන්දේසි මත හෙට (27) දින අනුමැතිය දීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (26) පස්වරුවේ පැවසීය.
ක්‍රීඩා අමාත්‍යවරයා අද පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යංශයට කැඳවා තිබේ. එම රැස්වීමෙන් පසුව අනුමැතිය දීම තීරණය කිරීමට නියමිතය.
“ශාරීරික යෝග්‍යතාව පිළිබඳව මම කළ ප්‍රකාශයට ඇතැම් ක්‍රීඩකයන් කර තිබූ ප්‍රකාශ අපිට අහන්න ලැබුණා. එවැනි කථා කිව්වට මේ සංචිතයේ ක්‍රීඩකයන්ගේ ශාරිරික යෝග්‍යතාව පිළිබඳව මට කොහෙත්ම සෑහීමට පත්වෙන්න බෑ”
“මම කොහොමද මේකට අනුමැතිය දෙන්නේ. ක්‍රීඩකයෝ දෙන්නයි හොඳ තත්ත්වයේ ඉන්නේ. එක ක්‍රීඩකයකුවත් ලෝක තත්ත්වයේ නෑ. මම කණ්ඩායම කැඳවලා තියෙනවා. එහිදී ඔවුන්ට අඩුපාඩු හදාගන්න මාස තුනක් වගේ දෙනවා”
“කොන්දේසි මත තමයි අනුමැතිය දෙන්නේ. කථාව වගේ වැඩත් තියෙන්නේ ඕනේ” යැයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකා සංචිතය අනුමැතිය සඳහා පසුගිය සිකුරාදා යොමු කළ ද මේ දක්වා ක්‍රීඩා අමාත්‍යවරයා ඊට අත්සන් තබා නොමැත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.