Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අතපත්තු ශ්‍රේණිගත කිරීම්හී ඉහළට
වි20 කාන්තා ශ්‍රේණිගත කිරීම්

අතපත්තු ශ්‍රේණිගත කිරීම්හී ඉහළට

editorial - 2022 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ විශිෂ්ට දස්කම් දැක්වූ චමරි අතපත්තු, කාන්තා විස්සයි20 පිතිකරු ශ්‍රේණිගත කිරීම්හී හොඳම 10 දෙනා අතරට එක්වීමට සමත්වූවාය.

සුදුසුකම් ලැබීමේ තරඟාවලියේදී ලකුණු 221 ක් රැස්කරමින් ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 55.25 ක් සහ පන්දු 100 කදී ලකුණු ලකුණු ලබාගැනීමේ වේගය 185.71 ක් රඳවාගත් අතපත්තු ශ්‍රේණිගත කිරීම්හී ස්ථාන 3 ක් ඉදිරියට එමින් 8 වැනි ස්ථානයේ රැඳී ඇත.

බංග්ලාදේශයට එරෙහිව පැවැති අවසන් තරගයේදී ලකුණු 48 ක් සහ ලකුණු 17 කට කඩුලු 3 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ ඇය තුන් ඉරියව් ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරීම්හී ස්ථාන 5 ක් ඉදිරියට එමින් 7 වැනි ස්ථානය දක්වා පැමිණ ඇත.

ඉන්දියාවේ ෂෆාලි වර්මා නැවතත් පිතිකරුවන් ශේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත්වීමට සමත් වූ අතර ඇයගේ ආරම්භක සහකාරිය වන ස්ම්‍රිති මන්දනා සිවුවැනි ස්ථානයට පත්විය.

ඔස්ටේ්‍රලියානු යුගලය වන බෙත් මූනි සහ මෙග් ලැනිංග් පිළිවෙලින් ශ්‍රේණිගත කිරීම්හි දෙවන සහ තෙවන ස්ථාන හිමිකරගෙන ඇත. තවත් ඕස්ට්‍රේලියානු ක්‍රිඩිකාවක වන ඇලීසා හීලි හයවන ස්ථානයට පත්ව ඇත.

නවසීලන්තය නියෝජනය කරමින් පළමු 10 දෙනා අතර ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සිටින අතර සොෆි ඩෙවින් පස්වන ස්ථානයේත්, සුසී බේට්ස් හත්වන ස්ථානයේත් රැඳී සිටීමට සමත් වූහ.

දකුණු අප්‍රිකාවේ ලිසල් ලී සහ බටහිර ඉන්දීය කොදෙව්හී ස්ටෙෆානී ටේලර් එක් ස්ථානය බැගින් පහත වැටී ඇති අතර පිළිවෙලින් 9 වැනි සහ 10 වැනි ස්ථානවල රැඳී සිටිති.

- 2079

 


අදහස් (0)

අතපත්තු ශ්‍රේණිගත කිරීම්හී ඉහළට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.