Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අකීල් හොසේන්ගේ උත්සාහය අපතේ යයි
එංගලන්ත - කොදෙව් දෙවන වි20 තරගය

අකීල් හොසේන්ගේ උත්සාහය අපතේ යයි

editorial - 2022 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව බාර්බඩෝස්හි බ්‍රිජ්ටවුන් නුවර කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ (23 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණක තියුණු ජයක් වාර්තා කළ එංගලන්ත ක්‍රීඩකයෝ, දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත් කළහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 172 ක ඉලක්කයක් හඹාගිය කොදෙව්වන්ට මුයින් අලී (24/3) ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 ක් අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 170 ක් පමණි. තරගය ජයගැනීම සඳහා කොදෙව් පිලට අවසන් ඕවරයේදී ලකුණු 29 ක් රැස්කිරීමට සිදුවූ අතර සකීබ් මහමුද් යැවූ එම ඕවරයේදී අකීල් හොසේන්ට හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග ලබාගත හැකි වූයේ ලකුණු 28 ක් පමණි.

ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ හොසේන් පන්දු 16 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 44 ක් රැස්කළ අතර රොමාරියෝ ශෙපර්ඩ් පන්දු 28 කින් නොදැවී ලකුණු 44 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහරක් සමගිනි. ලකුනු 98 කට කඩුලු 8 ක් බිඳවැටී තිබියදී 9 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 72 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමටද හොසේන් සහ ශෙපර්ඩ් සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ඕවර 20 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 171 ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු ජේසන් රෝයි පන්දු 31 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 45 ක් රැස්කරමින් සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. මුයින් අලී පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 31 ක්ද, ක්‍රිස් ජෝඩාන් පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 27 ක්ද රැස්කළහ.


එංගලන්ත පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 171
(ජේසන් රෝයි 45, ටොම් බැන්ටන් 25, මුයින් අලී 31, ක්‍රිස් ජෝඩාන් 27, ජේසන් හෝල්ඩර් 25/2, ෆේබියන් ඇලන් 50/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 170
(නිකලස් පූරන් 24, ඩැරන් බ්‍රාවෝ 23, රොමාරියෝ ශෙපර්ඩ් නොදැවී 44, අකීල් හෙසේන් නොදැවී 44, මුයින් අලී 24/3, ආදිල් රෂීඩ් 24/2)

-036

 


අදහස් (0)

අකීල් හොසේන්ගේ උත්සාහය අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.