Last Update  :  2025-08-05 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අකීකරු තිදෙනාටම ලක්‍ෂ 50 ක් දඩ

අකීකරු තිදෙනාටම ලක්‍ෂ 50 ක් දඩ

editorial - 2021 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



(දමින්ද විජේසූරිය)

 

එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්‍රීට් නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෛව බුබුල බිඳිමින් නගරයේ සැරි සැරීම සම්බන්ධයෙන් චෝදනාවන්ට වරදකරුවන් වූ ක්‍රිකට් ක්‍රීඩකයන් අතුරින් ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් දෙදෙනාට වසර දෙකක ක්‍රිකට් තහනමක් නිර්දේශ කර තිබේ. කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට වසර එක හමාරක තහනමක් නිර්දේශ කර ඇති අතර තිදෙනාම ඩොලර් 25,000 ක දඩ මුදලකට යටත් කරන ලෙසද නියම කර තිබේ.

මෙම දඩය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් මිලියන 5 ක් හෙවත් ලක්‍ෂ 50 ඉක්මවන්නකි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙක් කියා සිටියේ මෙම දඬුවම් සහ දඩ විමර්ශන කමිටුව විසින් නිර්දේශ කළ ඒවා බවත් ඒවා ක්‍රියාත්මක වන්නේ ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ අනුමැතිය ලැබීමෙන් පසුව බවත්ය.

ක්‍රීඩකයන් තිදෙනාට එරෙහිව තිබූ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ විමර්ශන කමිටුවක් පත්කරන ලදි. නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද, නීතිඥ අසේල රැකව, නීතිඥ උචිත වික්‍රමසිංහ සහ විශ්‍රාමික මේජර් ජනරාල් ආර්. ඩබ්ලිව්. ද සොයිසා මෙම විමර්ශන කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ.

තහනම බලපැවැත්වෙන කාලය අතරතුර මෙම ක්‍රීඩකයන් තිදෙනාට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ කිසිදු කටයුත්තකට සම්බන්ධ විය නොහැකිය.

විනය නීති සහ ජෛව බුබල කඩකරමින් චෙස්ටර් ලී ස්ට්‍රීට් නගරයේ සංචාරය කිරීම නිසා මෙම ක්‍රීඩකයන් තිදෙනාම පසුගිය 29 වැනිදා ශ්‍රී ලංකාවට පිටත්කර එවූහ. එතැන් සිට ඔව්හු මීගමුවේ පිහිටි හෝටලයකදී දින 14 ක් නිරෝධායනය වූහ.

විනය පරීක්‍ෂණය පැවැත්වෙන තුරු ඔවුන් තිදෙනාටම තාවකාලික තරග තහනමක් පැවැති හෙයින් මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා - ඉන්දියානු සීමිත ඕවර තරගාවලිය සඳහා ඔවුන් තෝරාගනු නොලැබිණ.

 


අදහස් (0)

අකීකරු තිදෙනාටම ලක්‍ෂ 50 ක් දඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.