Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අංක 3 ස්ථාන‍ය මට වඩාත් පහසුයි

අංක 3 ස්ථාන‍ය මට වඩාත් පහසුයි

editorial - 2021 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද සාජා නුවර සිට..)

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදී දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගිය චරිත් අසලංක දිගටම අංක 3 ස්ථානයේ ක්‍රීඩා කිරීමට කැමති බව පවසයි.


ප්‍රශ්නය - ලෝක කුසලාන තරගයක් ජයග්‍රහණය කරවීමට හැකිවීම පිළිබඳව මොන වගේ හැඟීමක්ද දැනෙන්නෙ?
පිළිතුරු - රට වෙනුවෙන් තරගයක් ජයග්‍රහණය කරන්න ලැබීම ලොකු සතුටක්. විශේෂයෙන්ම ලෝක කුසලානයේදි. ඉස්සරහට බලාපොරොත්තු වෙනවා‍ තව ගොඩක් තරග ලංකාව වෙනුවෙන් දිනවන්න.  අපේ කණ්ඩායමේ අත්දැකීම් බහුළ ක්‍රීඩකයන් ඉන්නවා. කුසල් අයියා, චන්දි අයියා, ඒ වගේම දසුන් අයියාත් ඉන්නවා. එගොල්ලොන්ගෙන් ලබාගන්න අත්දැකීම්වලින් තමයි මෙච්චර ඉක්මනට අපිට ඉගෙන ගන්න පුළුවන් ‍වුණේ. ඉස්සරහටත් අපි බලාපොරොතතු වෙනවා මම ඇතුළු තරුණ ක්‍රීඩකයන් එක්ක ලංකාවට තරග ගොඩක් ජයග්‍රහණය කරවන්න.


ප්‍රශ්නය - අංක 3 ස්ථානය සඳහා අනුගත වීම ‍දැනෙන්නෙ මොන වගේද?
පිළිතුර - මට වැඩියෙ අංක 3 ස්ථානයේ පන්දුවට පහරදෙන්න ලැබුණෙ නෑ. දකුණු අප්‍රිකානු තරගාවලියෙදිත් මම ක්‍රීඩා කළේ අංක 4 සහ 5. මහේල අයියා ආවට පස්සෙ ‍අපේ පිතිකරු ලැයිස්තුවේ පිළිවෙල පොඩ්ඩක් වෙනස් කළා. මම උඩට ඇවිල්ලා අවිශ්කව අංක 4 ට ගෙනවා. මම නම් පෞද්ගලිකව කැමති අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරන්න. ඒකට හේතුව පොඩි කාලෙ ඉදන් මම අංක 3 තමා ක්‍රීඩා කරලා තියෙන්නෙ. ඒ නිසා ඒ ගැන මගේ කැමැත්තක් තියෙනවා. දැන් මම ඒක ලොකු පහසුවක් විදියට දකිනවා.  


ප්‍රශ්නය - බංග්ලාදේශ තරගයේදී භානුක සමග පැවැති සම්බන්ධතාවය ගැන විස්තර කළොත්?
පිළිතුර - හැමෝම දන්නවා භානුක රාජපක්ෂ කියන්නෙ ආක්‍රමණශීලි පිකිකරුවෙක්. තරයගේ ස්වභාවය මොකක් වුණත් එයාගෙ ගේම් එක ඇටෑක් කරන එක. මට ගොඩක් ලේසි වුණා ඒ වෙලාවෙ එයා කරපු විදියට. ඒ ග්‍රවුන්ඩ් එකේ එක හතරේ සීමාවක් තිබුණා මීටර් 65 ක විතර. ඉතින් අපි දෙන්නම කතා කරන් හිටයෙ ලැබෙන අවස්ථාවෙන් ඒ පැත්තටම හයේ ඒවා ගහන්න. ඒක ගොඩක් සාර්ථක වුණා. ඒක නිසා තමයි අපිට තරගය ජයගන්න ලේසි වුණේ.


ප්‍රශ්නය - ඕස්ට්‍රේලියානු තරගට සඳහා ඇති සූදානම මොන ව‍ගේද?
ඕස්ට්‍රේලියාව හොඳ කණ්ඩායමක්. ඒක හැමෝම දන්නවා. ඒගො‍ල්ලෝ වෙනුවෙන් අපිට වෙනම සැලැස්මක් තියෙනවා. කණ්ඩායමේ ‍දෙනාටම පැහැදිලි සැලැස්මක් තියෙනවා මේ තරගය වෙනුවෙන්. දවසක් අරගෙන අපි සැලසුම් කළා ඕස්ට්‍රේලියානු කණ්ඩායමත් එකක් සෙල්ලම් කරන්න ඕන කොහොමද කියලා. මොකද බංග්ලාදේශ කණ්ඩායම ගත්තාම හාත්පසින්ම වෙනස්. ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශක්තිය තියෙන්නෙ වේග පන්දු යවන්නන් අතේ. පිතිකරුවන් විදියට අපි ඒකට ලෑස්ති වෙලා දවස් දෙකක් පුහුණුවීම් කළා. ඒ නිසා තරගට හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.


ප්‍රශ්නය - බංග්ලාදේශ තරගයට තිබූ සැලැස්ම ගැන සඳහන් කළොත්?
පිළිතුර - දත්ත විශ්‍ලේෂණය කිරීම තුළින් අපි බලනවා කවුද පන්දුවට පහරදෙන්න ලේසි, කවුද පන්දුවට පහරදෙන්න අමාරු පන්දු යවන්නෝ කියලා. පිතිකරුවෝ විධියට අපි කාටත් හැකියාවන් වගේම දුර්වලතාත් තියෙනවා. ඒ නිසා ඕනම පිතිකරුවෙක් තරගයකට කලින් පන්දු යවන්නන්ව අධ්‍යනය කරලා තමා යන්නෙ. එතකොට අපි දන්නවා අපිට ගහන්න පුළුවන් ‍පන්දු යවන්නා කවුද, ගහන්න අමාරු පන්දු යවන්නා කවුද කියලා. ඒ වගේම හතරේ සීමාවේ දිග ප්‍රමාණයත් බලනවා. මොකද මේ දක්වා හම්බුණු ක්‍රීඩාංගණවල එක පැත්තක් පොඩියි. ඒ නිසා අපි සැලසුම් කරගෙන ගියෙ කලින්. කණ්ඩායමේ ඉන්න හොඳම පන්දු යවන්නට වුණත් ඇටෑක් කරන්න වෙන වෙලාවලුත් තියෙනවා. ඒ නිසා මෙයාට ගහන්න එපා, මෙයාට ගහන්න කියලා අපිට කියලා ති‍බුණෙත් නෑ. මෙයාට ගහනවා, මෙයාට ගහන්නෙ නෑ කියලා අපි හිතාගෙන හිටියෙත් නෑ.


ප්‍රශ්නය - ජාත්‍යන්තර තරග බිමට පැමිණීමෙන් පසු ඔබගේ පිතිහරඹ රට‍ාවේ වෙනසක් කළාද?
පිළිතුර - දේශීය විස්සයි-20 තරගවලදි මගේ ලකුණු ලබාගැනීමේ ප්‍රවේගය 130 ක් වගේ තිබුණා මට මතක හැටියට. හැබැයි පහුගිය සති කිහිපයේදී, දකුණු අප්‍රිකානු විස්සයි-20 තරගවලදී ඉදන්ම මම වැඩියෙ දස්කම් අතර හිටියෙ නෑ. ඊට පස්සෙ පෙරහුරු තරගවලත් මම පළවෙනි තරග දෙක ක්‍රීඩා කළේ නෑ. ඒ කාලෙ ඇතුළත මම මගේ මානසිකත්වය හදාගෙන කරන්න ඕන දේවල් පුහුණුකරු‍ගෙන් අහලා, මහේල අයියා අවාම එයාගෙනුත් අහලා ඒ උපදෙස්වලට අනුව වෙනස් වුණා.

 


අදහස් (0)

අංක 3 ස්ථාන‍ය මට වඩාත් පහසුයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.