Last Update  :  2025-05-14 11:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket I වැනි කොටසට කණ්ඩායම 75 ක්

I වැනි කොටසට කණ්ඩායම 75 ක්

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් වයස 17 න් පහළ I කොටසේ ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 75 ක සහභාගීත්වයෙන් මැයි මාසයේදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය සීමිත ඕවර තරගාවලියක් ලෙස පැවැත්වේ.


පළමු වටයේදී කණ්ඩායම් 75 කාණ්ඩ 10 යටතේ තරග වැදීමට නියමිත අතර ඒ අතුරින් දෙවැනි වටය සඳහා කණ්ඩායම් 32 ක් තොරාගනු ලැබේ. දෙවැනි වටයට සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් 32 කාණ්ඩ 8 ක් යටතේ ලීග් ක්‍රමයට තරග වැදීමට නියමිත අතර එම කාණ්ඩ අටේ ශූරයන් සහ අනුශූරයන් වන කණ්ඩායම් 16 පෙර අර්ධ අවසන් පූර්ව වටටයට සුදුසුකම් ලබාගනු ඇත.


ඉකුත් වසරේ පැවැති තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ ආනන්ද විදුහල සමත් වූ අතර අනුශූරතාව හිමිගැනීමට කොළඹ ඉසිපතන විදුහලට හිමිවිය.  


‘ඒ’ කාණ්ඩය -
පන්නිපිටිය ධර්මපාල විදුහල, කළුතර විද්‍යාලය, කොළඹ නාලන්දා විදුහල, කොළඹ සහිරා විදුහල, පිළියන්දල මැදි විදුහල, මීගමුව මාරිස්ටෙලා විදුහල, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල


‘බී’ කාණ්ඩය -
කොළඹ අසෝක විද්‍යාලය, කඳාන ද මැසිනොද් විදුහල, කොළඹ ඉසිපතන විදුහල, කොළඹ ශාන්ත පීතර විදුහල, මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල, වත්තල ශාන්ත අන්තෝනි විදුහල, කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල සහ මෝදර ද ලාසාල් විදුහල


‘සී’ කාණ්ඩය -
කෝට්ටේ ජනාධිපති විදුහල, පානදුර රාජකීය විදුහල, කොළඹ ඩී. එස්. සේනානායක විදුහල, කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල, කොළඹ කේරි විදුහල, කැලණිය ගුරුකුල විදුහල, මොරටු විද්‍යාලය සහ වාද්දුව මැදි විදුහල


‘ඩී’ කාණ්ඩය -
නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල, කොළඹ ශාන්ත ජොෂප් විදුහල, කළුතර සිරිකුරුස විදුහල, කොළඹ මහානාම විදුහල, පානදුර ශාන්ත ජෝන් විදුහල, පානදුර මහානාම විදුහල සහ කොළඹ ලුම්බිණි විදුහල


‘ඊ’ කාණ්ඩය -
කොටහේන ශාන්ත බෙනඩික් විදුහල, කොළඹ රාජකීය විදුහල, කොළඹ තර්ස්ටන් විදුහල, කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලය, කොළඹ වෙස්ලි විදුහල, කොළඹ ආනන්ද විදුහල සහ පානදුර ශ්‍රී සුමංගල විදුහල


‘එෆ්’ කාණ්ඩය -
ගම්පහ බණ්ඩාරනායක විදුහල, මීගමුව ශාන්ත පීතර විදුහල, ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසල, වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල, සඳලංකාව මැදි විදුහල, මාරවිල ශාන්ත සේවියර් විදුහල සහ හලාවත ශාන්ත මේරි විදුහල


‘ජී’ කාණ්ඩය -
මහනුවර විද්‍යාර්ථ විදුහල, මහනුවර ධර්මරාජ විදුහල, මහනුවර ශ්‍රී සුමංගල විදුහල, කුරුණෑගල ශාන්ත ආනා විදුහල, කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල, කෑගලු විද්‍යාලය, මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල සහ මාතලේ ශාන්ත තෝමස් විදුහල


‘එච්’ කාණ්ඩය -
මහනුවර කිංග්ස්වුඞ් විදුහල, ඉබ්බාගමුව මැදි විදුහල, කුරුණෑගල මලියදේව විදුහල, අනුරාධපුර මැදි විදුහල, මහනුවර ත්‍රිත්ව විදුහල, යාපනය ශාන්ත ජෝන් විදුහල, කෑගල්ල ශාන්ත මේරි විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල


‘ජේ’ කාණ්ඩය -
අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල, ගාල්ල විද්‍යාලෝක විදුහල, බලපිටිය රේවත විදුහල, මාතර ශාන්ත සර්වේෂස් විදුහල, ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල, කළුතර තිස්ස විදුහල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල


‘කේ’ කාණ්ඩය -
මාතර ශාන්ත තෝමස් විදුහල, ගාල්ල රිච්මන්ඞ් විදුහල, මාතර රාහුල විදුහල, ගාල්ල මහින්ද විදුහල, අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල, රත්ගම දේවපතිරාජ විදුහල සහ දෙබරවැව ජාතික පාසල

 


අදහස් (0)

I වැනි කොටසට කණ්ඩායම 75 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.