Last Update  :  2025-12-29 11:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 9 වැනි සතියේ මධුෂාන් පෙරමුණ ගනී

9 වැනි සතියේ මධුෂාන් පෙරමුණ ගනී

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ 8 වැනි සතිය නිමාවන විට අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවූ නුගේගොඩ ලයිසියම් විදුහලේ රොමේෂ් මධුෂාන් මුලූ ඡන්ද 5445 ක් සමගින් 9 වැනි සතියේදී එම කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට සමත් විය.

ගෙවීගිය සතිය තුළදී ලබාගත් ඡුන්ද 1889 ත් සමගින් ඔහු අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණට පැමිණ ඇති අතර මෙතෙක් කල් එම කාණ්ඩයේ අංක 1 ස්ථානයේ රැදීසිටි ලේටන් පාර්ක් විදුහලේ රසාංජන මල්ලිකාරච්චිට ගෙවීගිය සතිය තුළදී ලබාගැනීමට හැකිවී ඇත්තේ ඡන්ද 386 ක් පමණි. ඒ අනුව ඔහු මුලූ ඡුන්ද 4111 ක් ලබා එහි දෙවැනි ස්ථානය දක්වා පසුබැස ඇත.

ඉකුත් සතියේදී නැවතත් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණට පැමැණි කොළඹ රාජකීය විද්‍යාලයේ රන්දේව් පතිරණ මුලූ ඡුන්ද 13,927 ක් ලබාගෙන තවදුරටත් එම කාණ්ඩයේ තම ස්ථානය තහවුරු කරගැනීමට සමත්ව සිටියි. ගෙවීගිය සතිය තුළදී රන්දේව් ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 4943 කි.

කඳාන ද මැසිනොද් විදුහලේ ලහිරු වික‍්‍රමසිංහ සහ පානදුර රාජකීය විදුහලේ අකිල ලක්ෂාන් පිළිවෙලන් ඡුන්ද 11,710 ක් සහ 5,735 ක් බැගින් ලබාගෙන සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන වල රැඳී සිටිති.

නැගී එන කාණ්ඩයේ කී‍්‍රඩකයන් අතර පෙරමුණේ රැදීසිටින ගාල්ල විද්‍යාලෝක විදුහලේ ධනුෂ්ක ලහිරු, ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 464 ත් සමගින් 1500 සීමාව පසුකර යෑමට සමත්වී ඇත. මේ වනවිට ඔහුගේ මුලූ ඡන්ද සංඛ්‍යාව 1525 කි.

එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය, ඡන්ද 1464 ක් ලබා සිටින පානදුර ශී‍්‍ර සුමංගල විදුහලේ ලහිරු විමුක්තිට හිමිවී තිබෙන අතර ගෙවීගිය සතිය තුළදී ඔහු ලබාගෙන ඇති ඡුන්ද සංඛ්‍යාව 627 කි.

මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා ප‍්‍රකාශනවන ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත්පත්වලත්, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතෙත් පළවේ. ඒ අනුව තමන් කැමතිම කීඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට මැයි 30 වැනිදා දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.

සමස්ථ ලංකා පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා              පාසල   ඡන්ද
රන්දේව් පතිරණ      කොළඹ රාජකීය විදුහල  13927
ලහිරු වික‍්‍රමසිංහ      කඳාන ද මැසිනොද් විදුහල   11710
අකිල ලක්ෂාන්     පානදුර රාජකීය විදුහල  5735
රවීන් සේයර්      මහනුවර ති‍්‍රත්ව විදුහල  3050
ඒ. කේ. ටිරෝන්     ගාල්ල රිච්මන්ඞ් විදුහල   2540
පි‍්‍රයමාල් පෙරේරා    කොළඹ ශාන්ත ජෝෂප් විදුහල   2538
නිමේෂ් ගුණසිංහ    කටුගස්තොට ශා. අන්තෝනි විදුහල  2452
කුසල් මෙන්ඩිස්   මොරටුව වේල්ස්කුමර විදුහල     2058
සදීර සමරවික‍්‍රම    කොළඹ ශාන්ත ජෝෂප් විදුහල  1786
යශාන් සමරසිංහ    කොළඹ ශාන්ත ජෝෂප් විදුහල  1437
තිමිල විද්‍යාසේකර    කොළඹ ඞී. එස්. සේනානායක විදුහල 1244
මින්හාජ් ජලීල්  කොළඹ තර්ස්ටන් විදුහල 1059
ශෙහාන් වීරසිංහ    කොළඹ සහිරා විදුහල 834
සල්මන් ෆසීල්  කොළඹ සහිරා විදුහල 669
දිනෙත් ලංකා   මහනුවර ධර්මරාජ විදුහල  577
මධුෂාන් චමීර කොළඹ ඉසිපතන විදුහල 513
දිලංක සඳසේකර   කොළඹ ආනන්ද විදුහල 495
තිලක්ෂ සුමනසිරි   ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල  423
චතුරංග රාජපක්ෂ   මීගමුව මාරිස්ටෙලා විදුහල 408
හරිත් සමරසිංහ කොළඹ රාජකීය විදුහල 225

නැගී එන පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා             පාසල    ඡන්ද
ධනුෂ්ක ළහිරු   ගාල්ල විද්‍යාලෝක විදුහල  1525
ළහිරු විමුක්ති   පානදුර ශී‍්‍ර සුමංගල විදුහල 1462
කළණ හසරංග  මාතර රාහුල විදුහල 552
හර්ෂ රාජපක්ෂ  මාතර රාහුල විදුහල 425
ලසිත ලක්ෂාන් මාතර ශාන්ත තෝමස් විදුහල 319
සචින් ජයකොඩි  වත්තල ශාන්ත අන්තෝනි විදුහල 137

 අන්තර්ජාතික පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා          පාසල       ඡන්ද
රොමේෂ් මධුෂාන් ලේටන් පාර්ක් විදුහල 5445
රසාංජන මල්ලිකාරච්චි   නුගේගොඩ ලයිසියම් විදුහල  4111
ෆර්සත් ෆාසල්   කොළඹ ගේට්වේ විදුහල 319
නිමේෂ පෙරේරා  වත්තල ලයිසියම් විදුහල  77

පාඨකයින් වෙනුවෙන් ඇති තරගයේදී පහත නම් සඳහන් අය පසු ගිය සතියේ ජයග‍්‍රහණ හිමිකර ගැනීමට සමත්වී තිබේ.

ත්‍යාග හිමිකරගත් පාඨකයෝ
1. චාන්දි සුභානි, 380/63, වැල්ලවත්ත, දදැල්ල, ගාල්ල
2. එම්. බී. එස්. රූපසිංහ, ‘වින්ද්‍යා වෙළෙඳසැල’, මිරිස්පැලවත්ත, බේරම්බුවල
3. මුතුබණ්ඩා දිසානායක, 2/ඒ, මහින්ද පෙදෙස, කිරුලපන
4. එස්. එෆ්. ජලීල්, 46/ඒ, හයි ලෙවල්පාර, හෝමාගම


අදහස් (0)

9 වැනි සතියේ මධුෂාන් පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.