Last Update  :  2024-05-19 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 60 න් ඉහළ ලෝක කුසලාන පළමු තරගය අද

60 න් ඉහළ ලෝක කුසලාන පළමු තරගය අද

editorial - 2024 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ චෙන්නායි නුවරදී පැවැත්වෙන වයස 60 න් ඉහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා යන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ ආදි සිසුවකු වන ගැරී ගුණරත්නට හිමිවී තිබේ. රාජකීය විද්‍යාලයේ හිටපු ක්‍රීඩකයකු වන ලසන්ත පෙරේරා ශ්‍රී ලංකා 60 න් ඉහළ කණ්ඩායමේ උපනායකත්වය දරනු ඇත. 

වසර 2022 දී පැවැති 60 න් ඉහළ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකයා වූ ගැරී ගුණරත්න ඉදිරිපෙළ වමත් පිතිකරුවකු වන අතර පිට දඟ පන්දු යවන්නෙකි. විවිධ අවස්ථාවලදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෝ හත් දෙනකු පමණ මෙවර 60 න් ඉහළ ශ්‍රී ලංකා පිලට ඇතුළත්ව සිටිති. 

වසර 2022 දී ඕස්ටේ්‍රලියාවේ බි්‍රස්බේන් නුවරදී පැවැති තරගාවලියේදී පාකිස්තානය ශූරතාව දිනාගත් අතර නවසීලන්තයට අනු ශූරතාව හිමිවිය. ශූරයන් සහ අනුශූරයන් ද සමගින්, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතු සියලුම රටවල් පාහේ මෙම තරගාවලියට එක්වනු ඇත. 

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර මේ මස 19 වැනිදා (හෙට) පැවැත්වෙන තරගයෙන් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වෙයි. 

මූලික වටයේදී ඕස්ටේ්‍රලියාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, බටහිර ඉන්දීය කොදෙව් සහ වේල්සය සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදිනු ඇත. තරගාවලියේ අවසන් මහ තරගය මාර්තු මස 2 වැනිදා පැවැත්වීමට නියමිතය. 

-213


අදහස් (0)

60 න් ඉහළ ලෝක කුසලාන පළමු තරගය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.