Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 23 න් පහළ පිලකට 19 න් පහළ 2 ක්

23 න් පහළ පිලකට 19 න් පහළ 2 ක්

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේදී (2014) කණ්ඩායමක ක‍්‍රීඩකයන් 11 දෙනාට වයස 19 න් පහළ ක‍්‍රීඩකයන් දෙදෙනකු අනිවාර්යෙන් ඇතුළත් කළ යුතු බවට නව නීතියක් ඇතුළත් කර තිබේ.

කණ්ඩායමකට වයස 20 න් පහළ ක‍්‍රීඩකයන් දෙදෙනකු ඇතුළත් කළ යුතු බවට ද නීතියක් ගෙන ඒමට යෝජනා වී ඇති බව ද වාර්තා වේ.  

මෙවර වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලිය ජූනි මස 6 වැනිදා ආරම්භ වීමට නියමිතය. පළමු කොටසට කණ්ඩායම් 14 ක් ද, දෙවැනි කොටසට කණ්ඩායම් 22 ක් ද, ඇතුළත් වේ. මීගමුව ක‍්‍රීඩා සමාජය මෙවර පළමු කොටසට උසස්වීම් ලබා සිටියි.

මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ මෙම තරගාවලියේදී වඩාත් තරුණ ක‍්‍රීඩකයන්ට අවස්ථාව දීමේ අරමුණින් මෙම නීතිය ඇතුළත් කළ බවයි.

‘‘මෙහිදී ක‍්‍රීඩා කරන ක‍්‍රීඩකයන් 11 දෙනාට වයස 19 න් පහළ ක‍්‍රීඩකයන් දෙදෙනකු අනිවාර්යෙන්ම ඇතුළත්විය යුතුයි. ඒ වගේම වයස 20 න් පහළ ක‍්‍රීඩකයන් දෙනෙකු ද ඇතුළත් විය යුතුයි. කණ්ඩායමේ සියලූම ක‍්‍රීඩකයන් වයස 19 න් පහළ ක‍්‍රීඩකයන් වුවත් ප‍්‍රශ්නයක් වෙන්නේ නෑ’’ යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

 


අදහස් (0)

23 න් පහළ පිලකට 19 න් පහළ 2 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.