ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ස්ථාපිත කළ 30 දෙනකුගෙන් යුත් වයස 23 න් පහළ කාන්තා සංවර්ධන ක්‍රිකට් සංචිතයට රත්ගම දේවපතිරාජ විදුහලේ ක්‍රීඩිකාවෝ හය දෙනකු ඇතුළත්ව සිටිති.
මෙම සංචිතයට රාගම බැසිලිකා විදුහලේ ක්‍රීඩිකාවන් තිදෙනකු සහ නුගේගොඩ අනුලා විදුහලේ ක්‍රීඩිකාවන් දෙදෙනකු ද, ඇතුළත්ව සිටිති.
මෙම සංචිතයට ඇතුළත්ව සිටින සියලුම දෙනා වයස 22 ට අඩු ක්‍රීඩිකාවෝ වෙති. නුගෙවෙල මධ්‍ය විද්‍යාලයේ තරුෂි රාජකරුණා සහ රත්ගම දේවපතිරාජ විදුහලේ සචිනි නිසංසලා තවමත් වයස 15 පසු වන ක්‍රීඩිකාවෝ වෙති.
ක්‍රීඩිකාවන් හය දෙනකු ඇතුළත්ව සිටින රත්ගම දේවපතිරාජ විදුහල අන්තර් පාසල් බාලිකා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව වසර කීපයක්ම දිනා ගැනීමට සමත්ව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල සහ උප සභාපතිවරයකු වන කේ. මතිවානන් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා සංවර්ධන සංචිතයේ කටයුතු ආරම්භ කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් ප්‍රධානී අප්සාරි තිලකරත්න මහත්මියගේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කළ තේරීම් වැඩසටන්වලදී ජාතික කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව මෙම සංචිතය නම් කළේය.
ශ්‍රී ලංකා වයස 23 න් පහළ කාන්තා ක්‍රිකට් සංචිතය:
කාවින්දි පාරමි, පූජා රෂ්මි, සත්‍යා සංදීපනී, උමාෂා තිමේෂනී, ඉරේෂා චතුරානී සහ සචිනි නිසංසලා (රත්ගම දේවපතිරාජ මහ විදුහල), ශෂිකලා සිල්වා, සචිනි දිල්ෂානි සහ සදනි දිල්ෂානි (රාගම බැසිලකා විදුහල), සිත්මි හිරාෂා සහ හරිනා සුලක්‍ෂණා (නුගේගොඩ අනුලා විදුහල), ලිහිනි අප්සරා (තලල්ල දකුණ මහ විදුහල), පියුමි වත්සලා (බෙලිඅත්ත දම්මපාල බාලිකා විදුහල), අමාෂා අංජලි (බාරොන් ජයතිලක විදුහල), තාරිකා සෙව්වන්දි (කොළඹ විහාරමහා දේවි බාලිකා විදුහල), සදනි තිවංකා (මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විදුහල), සචිනි නදීෂා (බොරැල්ල ඝෝතමී බාලිකා විදුහල), දිලිනි ජයවර්ධන (පානදුර ශාන්ත ජෝන් ජාතික පාසල), රුවනි මධුෂිකා (ගම්පහ යශෝධරා බාලිකා විදුහල), කේ. කේ. සුරන්ති (මොරටුව වේල්ස් කුමරි විදුහල), උදාරා බණ්ඩාර (මහනුවර මහාමායා බාලිකා විදුහල), ජනුෂි සුදීරා (රත්නපුර සුමන බාලිකා විදුහල), සචිනි දයාරත්න (කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විදුහල), තරුෂි රාජකරුණා (නුගෙවෙල මධ්‍ය විද්‍යාලය), තිළිණි කෞෂල්‍යා (කුලියාපිටිය සාරානාත් මහ විදුහල), කෞෂාල්‍යා මධුමාලි (එප්පාවල මධ්‍ය විද්‍යාලය), සයනි ශෂිකලා (තෙල්දෙණිය ජාතික පාසල), ඉරේෂා ශාමලි (රත්නපුර දෑල මහ විදුහල), රූබි රිජින්තා (මාතලේ ශාන්ත ජෝන් බාලිකා විදුහල) සහ ජිනන්ජලි විජේනායක (මාතලේ ලිලි අම්බේ මහ විදුහල)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.