Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවන ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලිය වන අන්තර් පාසල් වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලිය ලබන වසරේ සිට (2016/2017) වයස 20 න් පහළ තරගාවලියක් ලෙස සංශෝධනය කිරීමට පාසල් ක‍්‍රිකට් සංගමය තීරණය කර තිබේ.
මෙම තීරණයත් සමඟ 1996 වසරේ ජනවාරි මස 01 වැනිදායින් පසුව උපන් ක‍්‍රීඩකයන්ට ලබන වසරේ තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව හිමිවේ. පැරණි ක‍්‍රමයට වයස 19 න් පහළ තරගාවලිය පැවැත්වූයේ නම් ඒ සඳහා සහභාගි විය හැක්කේ 1996 වසරේ සැප්තැම්බර් මස 01 වැනිදායින් පසුව උපන් ක‍්‍රීඩකයන්ට පමණි.
ලබන වසරේ තරගාවලියේ පළමු සහ දෙවැනි යන කොටස්වල අවසන් පූර්ව සහ අවසන් තරග තෙදින තරග ලෙස පැවැත්වීමට ද පාසල් ක‍්‍රිකට් සංගමය වැඩිදුරටත් තීරණය කර තිබේ. මේ පිළිබඳව කළ විමසුමකදී පාසල් ක‍්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතා පැවසුවේ බොහෝ දෙනකුගේ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බවයි.
‘‘ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ක‍්‍රිකට් කමිටුව මෙන්ම ඇතැම් පාසල් බලධාරීන් කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ වයස සීමාව 20 න් පහළ කරන ලෙස කාලයක් සිට ඉල්ලීම් කළා. ඒ ගැන අවධානය යොමු කර පාසල් ක‍්‍රිකට් සංගමයේ විධායක කමිටුව මේ තීරණය ගත්තා’’ යැයිද ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.