එංගලන්ත වයස 17 න් පහළ කණ්ඩායමට එරෙහිව එංගලන්තයේ ලෆ්බරෝහිදී පැවැති සීමිත ඕවර තරගයෙන් ලකුණු 7 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා වයස 17 න් පහළ කණ්ඩායම ඊයේ (24 වැනිදා) සමත් විය.
මෙම ජයත් සමගින් ශී‍්‍ර ලංකා සහ එංගලන්ත 17 න් පහළ කණ්ඩායම් අතර පැවැති එක්දින තරගාවලියේ ජය ශී‍්‍ර ලංකා 17 න් පහළ කණ්ඩායම සතු විය.
පන්දු 78 කදී හතරේ පහර 6 ක් ද සමගින් ලකුණු 58 ක් ලබාගත් අවිශ්ක ප‍්‍රනාන්දු සහ පන්දු 53 කදී ලකුණු 31 ක් ලබාගත් කවීන් බණ්ඩාර ශී‍්‍ර ලංකා 17 න් පහළ කණ්ඩායමේ ජයග‍්‍රහණයේ අඩිතාලම දැමූහ.
ලකුණු 40 කට කඩුලූ 3 ක් බිඳ වැටී තිබුණු අවස්ථාවකදී එක්වූ අවිශ්ක සහ කවීන් දෙදෙනා සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 60 ක සම්න්ධතාවක් පැවැත්වූහ. පසුව පැමිණි සහන් ආරච්චිගේ (51) සහ චාමික කරුණාරත්න (34) හත්වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 62 ක සම්බන්ධතාවක් එක්කරමින් තම ශී‍්‍ර ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව 240 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ.
පන්දු යැවීමේදී ලසිත් ලක්‍ෂාන්, තිලාන් නිමේෂ් සහ චාමික කරුණාරත්න කඩුලූ 6 ක් බෙදා හදා ගනිමින් එංගලන්ත 17 න් පහළ පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ ජය ශී‍්‍ර ලංකා පිලට හිමිකර දුන්හ.
ශී‍්‍ර ලංකා 17 න් පහළ කණ්ඩායම - ඕවර 50 කදී කඩුල 8 ක් දැවී 248
(සිතාර ගිම්හාන් 05, ලසිත් ලක්‍ෂාන් 17, නිසල් ෆ‍්‍රැන්සිස්කෝ 08, අවිශ්ක ප‍්‍රනාන්දු 58, කවීන් බණ්ඩාර 31, මාධව නිමේෂ් 18, සචින් ආරච්චිගේ 51, චාමික කරුණාරත්න 34, රවීන් සේයර් නොදැවී 02, කේෂාන් විජේරත්න නොදැවී 01, සකිබ් මහමුද් 50/2, ජරේඞ් වෝනර් 54/2, මැතිව් ටේලර් 41/2, රොබ් ජෝන්ස් 26/1)
එංගලන්ත 17 න් පහළ කණ්ඩායම - ඕවර 50 කදී කඩුලූ 7 ක් දැවී 241
(ජෝ විතර්ලි 29, ටොම් මුවර්ස් 16, හැරී ඩියර්ඩෙන් 07, එඞ්වඞ් බර්නාඞ් 55, කිරන් ස්මිත් 01, රොබට් ජෝන්ස් නොදැවී 100, අනුජ් දාල් 17, හසීබ් හමීඞ් 01, මැතිව් ටේලර් නොදැවී 04, ලසිත් ලක්‍ෂාන් 28/2, අවිශ්ක ප‍්‍රනාන්දු 11/1, තිලාන් නිමේෂ් 36/2, චාමික කරුණාරත්න 49/2)
- 011
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.