කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී හෙට (19 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ අන්තර් පාසල් වයස 17 න් පහළ (I වැනි කොටසේ) අවසන් මහා තරගය දින නියමයකින් තොරව කල් දමන ලද බව ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමය නිවේදනය කරයි. දැනට පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් අවසන් තරගය කල් දැමීමට අද (18 වැනිදා) ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමය තීරණය කළේය.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයත්, මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයත් අතර මෙම අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායකයකු වන හෂාන් තිලකරත්න මහතාගේ පුතණුවන් වන රවිඳු තිලකරත්න විසින් මෙහෙයවනු ලබන ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායම 17 න් පහළ වයස් කාණ්ඩයේ ෂ වැනි කොටසේ අවසන් තරගයට සුදුසුකම් ලබා ඇත්තේ වසර 14 කට පසුවය. දිනේෂ් කුමාරසිංහ මහතා ශාන්ත තෝමස් කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරයි.
වසර 2004 දී 17 න් පහළ වයස් කාණ්ඩයේ ෂ වැනි කොටසේ ශූරතාව දිනාගත් ශාන්ත සෙබෙස්තියන් විදුහල් කණ්ඩායම එම තරගාවලියේම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ වසර 9 කට පසුවය. විසල් සේනානායක විසින් ශාන්ත සෙබස්තියන් විදුහල් 17 න් පහළ කණ්ඩායම මෙහෙයවනු ලබන අතර විද්‍යාලයේම හිටපු කි‍්‍රකට් නායකයෙකු වන නලින් විජේසිංහ මහතා කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරයි.
අවසන් තරගය පැවැත්වෙන දිනය සහ ස්ථානය පසුව දැනුම් දෙන බව ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමයේ නිලධාරියෙක් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.