Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 164 දෙනාම පී.සී.ආර්. සමත්

164 දෙනාම පී.සී.ආර්. සමත්

editorial - 2021 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(රොෂාන් ගුණරත්න)

කොවිඞ් -19 වැළැක්වීමේ මාර්ගෝපදේශයන්ට අනුකූලව ආරාධිත විස්සයි20 තරගාවලියට එක්වී සිටින ක්‍රීඩකයන්, සහයක කාර්ය මණ්ඩලය, නිළධාරීන් ඇතුළු 164 දෙනාම ඊයේ (19 වැනිදා) කරන ලද පී.සී.ආර්. පරීක්‍ෂණයෙන් සමත් වී සිටිති.  ඒ අනුව කිසිදු බලපෑමකින් තොරව, නියමිත කාලසටහනට අනුව, හෙට (21 වැනිදා) තරග දෙකම පැවැත්වීමට හැකිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශකයෙක් පැවසීය.

ක්‍රීඩකයන් සහ සහයක කාර්ය මණ්ඩලය රැඳී සිටි හෝටලයේ සේවකන් 14 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනවී ඇති බව හදුනා ගැනීම හේතුවෙන් අද (20 වැනිදා) පැවැත්වීමට නියමිත තිබූ තරග හෙට දිනය දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය.

අගෝස්තු 17 වන දින කරන ලද සාමාන්‍ය පී.සී.ආර් පරීක්ෂණයකදී හෝටලයේ සේවකයෝ 14 දෙනකු පී.සී.ආර්. පරීක්‍ෂණ වලින් අසමත් වූහ. කෙසේ වෙතත් එම සේවකයන්, ක්‍රීඩකයන් සහ සහයක කාර්ය මණ්ඩලය සමඟ ඍජු සම්බන්ධතා පවත්වා නැත.

කොරෝනා ආසාදිත සේවකයන් හඳුනා ගැනීමෙන් පසුව, පූර්වාරක්ෂාව සඳහා ක්‍රීඩකයන් සහ සහායක කාර්ය මණ්ඩලය වෙනත් හෝටල් දෙකකට මාරු කරනු ලැබිණ. තරග පැවැත්වෙන සෑම දිනකටම දින දෙකකට පෙර පී.සී.ආර්. පරීක්‍ෂණ කරනු ලබන අතර එහි ප්‍රතිඵල අනුව පුහුණුවීම් කටයුතු සහ තරග වලට ක්‍රීඩකයන් යොමු කෙරේ.

 


අදහස් (0)

164 දෙනාම පී.සී.ආර්. සමත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.