Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 15 න් පහළ ක‍්‍රිකට් ශූරතාව ශාන්ත පීතරට

15 න් පහළ ක‍්‍රිකට් ශූරතාව ශාන්ත පීතරට

ශනුක අරවින්ද - 2013 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවූ වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ, වැනි කොටසේ ශූරතාව දිනා ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ශාන්ත පීතර විදුහල් පිල ගාල්ල රිච්මන්ඞ් විදුහලට එරෙහිව ලකුණක තියුණු ජයක් ලැබීය.

මෙහිදී රිච්මන්ඞ් විදුහලට ජයග‍්‍රහණය සදහා අවසන්  ඕවරයේදී ලකුණු දෙකක් ලබා ගැනීමට තිබුණු අතර එම  ඕවරයේ පළමු පන්දුවේදී අවසන් කඩුල්ල බිද වැටීමෙන් අනු ශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.

හසරු චාමිකර විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් රිච්මන්ඞ් විදුහල වෙනුවෙන් පන්දු 129 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 84 ක් රැස්කරමින් දක්‍ෂතම පිතිකරු සම්මාන ලැබීය.

ශාන්ත පීතර විදුහලේ දිනූජ පීරස් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. ගීෂාන් රොද්‍රිගු දක්‍ෂතම පන්දු යවන්නා සම්මාන හිමිකර ගත්තේය.

ශාන්ත පීතර විදුහලේ  ඕවර 50 යේදී සියුලු දෙනා දැවී 194

(අනිෂ්ක පෙරේරා 58, රනුල් පෙරේරා 45, දිනූජ පීරීස් 39, කමිඳු මෙන්ඩිස් 32/2, අවිඳු තීක්‍ෂණ 42/2)

රිච්මන්ඞ් විදුහල  ඕවර 49.1 කදී සියලු දෙනා දැවී 193

(හසරු චාමිකර 84, ඳුවින් කලන්සූරිය 26, අවිඳු තීක්‍ෂණ 20,තිසර ඩිවන් 15, ගීෂාන් රොද්‍රිගු 11/2, මනිල්ක ද සිල්වා 27/2, චතුර ඔබේසේකර 34/2)

 

 

 

 

 

 

 

 

 

 

 


අදහස් (0)

15 න් පහළ ක‍්‍රිකට් ශූරතාව ශාන්ත පීතරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.